X
Samsung Gear Sport ස්මාට් වොචය ඔක්තෝබරයේදී
( රච්න්ත ජයවර්ධන ) 2017-09-11 16:41:07
Comments - 0       Views - 968

එළැඹෙන ඔක්තෝබරයේදී නව ස්මාට් වොචයක් නිකුත් වීමට නියමිතය. නුදුරු අනාගතයේ Samsung සමාගම සේම Apple සමාගමද නව ස්මාට් වොච් උපාංග නිකුත් කිරීමට නියමිත අතර, Samsung සමාගමේ ස්මාට් වොචය ක්‍රීඩා සංස්කරණයක් ලෙසින් වඩා ක්‍රීඩාශීලී පෙනුමකට කැමති පිරිස වෙනුවෙන් නිකුත් වනු ඇත.

අතට පහසු ඔරලෝසු පටියක් සේම, මීටර් පනහක් ගැඹුරු ජලයේදී පවා හානියක් නොවන ලෙස එය සකසා ඇත. Super AMOLED capacitive touchscreen එකක් තිරය ලෙසින් යොදාගෙන ඇති අතර එයට Corning Gorilla Glass 3 තිරයකින් ආරක්ෂාව සැලසෙයි.

ස්මාට් වොච් සංකල්පය තුළ බොහෝ සමාගම් තවතවත් ස්මාට් ෆෝනය හා බද්ධ වෙමින් ස්මාට් වොචයක විශේෂාංග ඉහළ නැංවීම වෙනුවෙන් කටයුතු කළත් Samsung සමාගම මෙම Gear Sport උපාංගයේදී එය පෙනුමට සහ ක්‍රීඩාශීලීත්වය කියන අවශ්‍යතාවන්ට මුල් තැන දෙමින් නිකුත් කරයි.

එහි Accelerometer, gyro, heart rate, barometer සංවේදක අන්තර්ගතය. වයර්ලස් චාජින් හැකියාවද අඩංගු අතර, බික්ස්බිට කටහඬින් කතා කරමින් ඔබේ අවශ්‍යතා දැනුම් දී කාර්යයන් ඉටු කරගැනීමේ හැකියාවද මෙහි ඇත.

samsung-gear-sport1 samsung-gear-sport2 samsung-gear-sport3 samsung-gear-sport4

 

 

 

 

 

 

Samsung Gear Sport ස්මාට් වොචය ඔක්තෝබරයේදී සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :