කරලියට එන අලුත්ම ෆ්ලෑග්ෂිප් උපාංගය LG V30
( රච්න්ත ජයවර්ධන ) 2017-09-09 10:00:01
Comments - 0       Views - 467

 lg-v30-2

මේ දිනවල කතාබහට ලක්වන ප්‍රධාන ස්මාට්ෆෝන් තුනක් වෙයි. Samsung Galaxy Note 8 උපාංගය, Samsung Galaxy Note 7 තාක්ෂණික දෝෂ හේතුවෙන් පිපිරීමට පටන් ගැනීමෙන් ලද අසාර්ථක අලෙවියෙන් පසුව වඩා සාර්ථකව වෙ‍ෙළඳ පොළට පැමිණෙයි. ඉතා නුදුරු අනාගතයේ නිකුත් වීමට නියමිත iPhone 8 හෝ මීළඟ අයිෆෝනය(වෙනත් නමකින් හැඳින්වෙන්නටද ඉඩ ඇත.) ස්මාට්ෆෝන් සම්මතයේ නැවුම් වෙනස්කම් කිහිපයක්ම සිදු කරනු ඇත. අනෙක් උපාංගය අප මෙම සටහනෙන් හඳුන්වාදෙන LG V30 උපාංගයයි. අඟල් හයක තිරය සමගින් එන මෙහි සාමාන්‍යෙයන් ස්මාට්ෆෝනයේ උඩින් සහ යටින් බෙසල් ලෙසින් වෙන්වන ඉඩ බොහෝ දුරකට අඩු කර ඇත. 

මෙම උපාංගයට IP68 සහතිකය ඇත. එනම් දුහුවිල්ලෙන් මෙන්ම මීටර් 1.5ක් ගැඹුරු ජලයේ මිනිත්තු තිහක කාලයක් දක්වා හානියක් නොවී පැවතිය හැක. Corning Gorilla Glass 5 තිර ආරක්ෂණය යොදා ඇත. Android 7.1.2 (Nougat) මෙහෙයුම් පද්ධති සංස්කරණයෙන් බලගැන්වෙයි. Qualcomm MSM8998 Snapdragon 835 චිප පද්ධතියෙන්ද, Octa-core ප්‍රොසෙසරයකින්ද එය සම්පූර්ණ වේ. 

lg-v30-5

සාමාන්‍ය V30 උපාංගය 64GB, 4GB RAM මතක ධාරිතාවෙන් අන්තර්ගත වන අතර, V30+ උපාංග සංස්කරණය 128GB, 4GB RAM සමග අන්තර්ගත වනු ඇත. 

කැමරා පද්ධතිය ද්විත්ව කැමරා ලෙසින් 16MP (f/1.6, OIS, 3-axis, laser සහ phase detection autofocus) + 13MP (f/1.9, no AF) ලෙස පැමිණෙනු ඇති අතර එයට LED flash අඩංගුය. එයට අමතර විශේෂාංග ලෙසින් 1.0 µm pixel size, geo-tagging, touch focus, face detection, HDR, panorama යන පහසුකම් අඩංගුය. වීඩියෝ පටිගත කිරීමේ ගුණාත්මක බව 2160p@30fps, 1080p@30fps, 720p@120fps, 24-bit/192kHz stereo sound rec., HDR video ලෙසින් අඩංගු අතර, ඉදිරිපස කැමරාව 5MP (f/2.2, 1/5” sensor size, 1.12 µm pixel size) ලෙස දැක්වේ.

lg-v30-1

අඟල් 6ක තිරය මෙහි විශේෂිතම අංගය වන අතර, කැමරා පද්ධතිය මේ මොහොතේ වෙ‍ෙළඳ පොළ ඇති ස්මාට්ෆෝන් කැමරා සමග සසඳන විට එතරම් සුවිශේෂීතාවයක් දරන්නේ නැත. නමුත් මෙම උපාංගය සම්පූර්ණයෙන් ගත් කළ සියළු විශේෂාංග අතින් ඉදිරියෙන් ඇති නිෂ්පාදනයකි. Cloud Silver, Moroccan Blue වර්ණ දෙකෙන් LG V30 උපාංගය වෙ‍ෙළඳ පොළට පැමිණෙයි. එයට Li-Po 3300 mAh බැටරියක් අන්තර්ගත අතර එයද මේ මොහොතේ වෙ‍ෙළඳ පොළ අවශ්‍යතාවයට වඩා තරමක් අඩු බව කිව යුතුමය.

 

කරලියට එන අලුත්ම ෆ්ලෑග්ෂිප් උපාංගය LG V30 සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :
Loading...