X
ලෝකයේ වැඩිම ආයු කාලයක් ඇති සත්ත්ව විශේෂ 07ක්
( . . ) 2017-09-07 11:53:18
Comments - 0       Views - 3345

සත්ත්ව ලෝකයේ විවිධාකාර සත්ත්වයන් අපට හමුවෙනවා. වර්තමානයේ සිටින සත්ත්වයන් අතුරෙන් මෙම සත්ත්වයන් වැඩිම ආයු කාලයක් ජීවත් වෙනවා.


01 ) බෙල්ලා Arctica Islandica (Ocean quahog)

බෙල්ලා

මෙම බෙල්ලන් විශේෂය වසර 405 - 41ත් අතර ආයු කාලයක් ජීවත් වනවා. දැනට වාර්තා වන වැඩිම ආයු කාලය අවුරුදු 507ක් පමණ වෙනවා.


02) තල්මසා (Bowhead Whales)

තල්මසා (2)


මෙම තල්මසුන් විශේෂය වසර 200ක් පමණ ජීවත්  වන බව පැවසෙනවා. මෙම තල්මසුන් විශේෂ හැඩයකින්ද යුක්ත වෙනවා.  මෙම තල්මසුන්ගේ ශරීර තුළ තිබී 1890 කාලයට අයත් බිලි කොකුවල කැබලි සොයාගෙන තිබෙනවා. එමෙන්ම ඇමයිනෝ අම්ල පරීක්ෂාවට ලක්කිරීමෙන් ඔවුන්ගේ ආයු කාලය 177 - 245ක් පමණ වන බවයි පැවසෙන්නේ.


මෝරා  (Greenland Shark)

මෝරා


මෙම මෝරුන් විශේෂය උතුරු අත්ලාන්තික් සාගරය තම නිජභූමිය කරගෙන ජීවත් වෙනවා. මෙම මෝරුන්ගේ ආයු කාලය අවුරුදු 200ක් පමණ වෙනවා.


'ටූටරා' නම් කටුසු විශේෂයක්

කටුසු විශේෂය (2)


කටුසු වර්ගයට සමානකම් කියනා මෙම උරග විශේෂය නවසීලන්තයටම අවේණිකයි. මෙම කටුසු විශේෂය වසර 100-200ත් අතර කාලයක් ජීවත් වෙනවා. 


ගැලපගොස් ඉබ්බා (Galápagos giant tortoise)

ඉබ්බා


ගැලපගොස් දූපත්වල ජීවත්වන මෙම  ඉබි විශේෂය  දැක ගැනීමට විශාල සංචාරකයන් පිරිස් වැඩි වශයෙන් පැමිණෙනවා. මෙම ඉබ්බන් වඳවී යාමේ තර්ජනයට මුහුණ පා සිටියි. අවුරුදු 190ක පමණ ආයු කාලයක් ජීවත් වෙනවා. මෙම ඉබ්බෙකුගේ සාමාන්‍ය බර කිලෝ 417ක් 
පමණ වේ.


 

අලියා (Elephant)

Elephant


අලියෙකුගේ ආයු කාලය වසර 70 - 80 පමණ වෙනවා. 


ආඳා (Eel)

ආදා


ලිස්සන සුලු මත්ස්‍යයෙකු වන ආඳාට අවුරුදු 150ක පමණ ආයු කාලයක් පවතිනවා.

- සහන් රසාංග

 

ලෝකයේ වැඩිම ආයු කාලයක් ඇති සත්ත්ව විශේෂ 07ක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :