සතුන්ගේ හැඩයට සාදා ඇති ලෝකයේ ලස්සනම ගොඩනැගිලි 07ක්
( . . ) 2017-09-04 16:50:26
Comments - 0       Views - 2762

ලොව ඇති, විශාලතම හා පැරණිතම ගොඩනැගිලි අතරින් නෙතට විසිතුරු, ලොව ඇති ලස්සන ඉදිකිරීම්  7ක් පිළිබඳව තොරතුරු මෙසේය.


 Blue Whale of Catoosa

ඇමරිකා එක්සත් ජනපදයේ ඔක්ලහෝමා ප්‍රාන්තයෙහි කැතෝසා නගරයේ පිහිටි මෙම පාලම නිල් තල්මසකුගේ හැඩයක් ගනී. මෙය ඉදිකර ඇත්තේ 1970 වර්ෂයේ වන අතර, ඒ එක්තරා පුද්ගලයෙකුගේ විවාහ සංවත්සරය වෙනුවෙනි. මෙය අඩි 80ක දිගකින් යුක්තය. 

blue-whale-of-catoosa


Fisheries Department 

ඉන්දියාවේ පිහිටි මෙය එරට ජාතික මත්ස්‍ය සංවර්ධන මණ්ඩලයේ නිල කාර්යාලය වේ. මෙම ගොඩනැගිල්ලේ නිර්මාණශීලී දායකත්වය ෆ්‍රෑන්ක් ජෙහී විසින් දරන ලද අතර, මෙය 2012 වර්ෂයේදී නිල වශයෙන් විවෘත කෙරිණි.

ncgm8pD


Big Merino 

ඕස්ට්‍රේලියාවේ ඇති මෙය රැම්බෝ යන නමින් හඳුන්වන මෙම මෙරිනෝ කුලුන මීටර් 15.2ක් පමණ උසින් යුක්තය. කුළුනේ ඉහළට යත්ම නගරයේ විසිතුරු දසුන් බැලීමට සුවිශේෂී ස්ථානයක් පිහිටා තිබේ. ඒ මෙරිනෝගේ ඇස් දෙකයි. මෙහි පළමු මහලේ තෑගි මධ්‍යස්ථානයකුත්, දෙවැනි මහලේ වූල් මධ්‍යස්ථානයකුත් පිහිටා තිබේ. මෙය 1985 වර්ෂයේදී සංචාරකයින් උදෙසා විවෘත කෙරිණි.

big-sheep


Lucky Elephant 

ජේම්ස් වී. ලැටේනි යන කලාකරුවා විසින් 1881දී ඉදිකරන ලද මෙම නිර්මාණය ඇමරිකා එක්සත් ජනපදයේ නිව්ජර්සි ජනපදයේ  මාර්ගට් නගරයේ පිහිටා ඇත. දැවමය නිර්මාණයක් වන මෙය උසින් මීටර් 19.7ක්ද පළලින් මීටර්  5.5ක්ද වන අතර, මෙහි බර ටොන් 90ක් පමණ වේ. වර්ග කිලෝමීටර 12000ක වපසරියකින් යුතු මෙම ගොඩනැගිල්ල ආපන ශාලාවක් ලෙස යොදාගැනේ.

b1daf205b0ec7e75dd0926e71eaf7145--margate-nj-elephant-art


Freshwater Fishing Hall

1960 වර්ෂයේ ඉදිකළ මෙම ගොඩනැගිල්ල අැමෙරිකාවේ චිස්කොනසින් නගරයේ හේවාර්ඩ්හි පිහිටා ඇත. මෙය 1976 වර්ෂයේ නැවත ප්‍රතිසංස්කරණය කළ අතර, වත්මනේ මත්ස්‍ය ආම්පන්න ප්‍රදර්ශනාගාරයක් ලෙස පවත්වාගෙන යනු ලබයි. මෙය ගිනස් වාර්තා පොතටද ඇතුළත්ව තිබේ.

musky-ground1


Dog Bark Park Inn 

බීගල් බල්ලෙකුගේ ආකෘතියගත් මෙම ගොඩනැගිල්ල ඇමෙරිකාවේ ඉදෝ නගරයේ පිහිටා ඇත. මෙම ගොඩනැගිල්ල වර්තමානයේ හෝටලයකි. මෙහි නිදන කාමර දෙකක් ඉදිකර ඇත. ඩෙනිස් ජේ. සුලියන් සහ ෆ්‍රැන්සිස් කොන්ක්ලින්ගේ නිර්මාණයක් වන මෙහි ඇති නිදන ඇඳ බීගල් බල්ලෙකුගේ හැඩයෙන් යුත් විශාලතම නිදන ඇඳ වේ.

dog-bark-park-inn


Duck of flanders

නිව්යෝර්ක්හි, ෆෙලන්ඩර්ස් ප්‍රදේශයේ පිහිටා ඇති මෙය ප්‍රතිදීප්ත ගොඩනැගිල්ලකි. මාර්ටින් මවුනර් නම් අයෙකු විසින් 1931දී මෙම ගොඩනැගිල්ල ඉදිකර තිබේ. 1997දී එරට ජාතික ස්ථානයක් ලෙස ලැයිස්තුගතවූ මෙය මුල් අවධියේ ආරම්භ කළේ බිත්තර හා තාරාවන් අලෙවිය වෙනුවෙනි. උසින් මීටර් 6.1ක්, පළල මීටර් 5.5ක් වන මෙහි දිග මීටර් 9.1ක් පමණ වේ. 2008 වසරේදී නැවතත් මෙය ඉතිහාසගත ජාතික උරුමයක් ලෙස ලැයිස්තුගත කළේය.

The_Big_Duck


දිනිත් කණිෂ්ක

සතුන්ගේ හැඩයට සාදා ඇති ලෝකයේ ලස්සනම ගොඩනැගිලි 07ක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :
Loading...