X
ඇපෙන්ඩිසයිටිස් ගැන මේ තොරතුරු දන්නවාද?
( . . ) 2017-08-31 06:00:50
Comments - 0       Views - 658

ආහර ජීර්ණ පද්ධතිය හා සම්බන්ධ වන අවයවයක් මුල්කොට ගෙන ඇතිවන ඇපෙන්ඩිසයිට්ස් රෝගය කෙසේ නමුත් හඳුන්වාදිය හැක්කේ මිනිසාට පීඩාකාරී බවක් ඇති කරවාලන රෝගි තත්ත්වයක් බවයි.කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ඔබට වඩාත් අවධාරණය කළ යුත්තේ වොම්බැට් යන වඳුරු විශේෂයට සහ මිනිසුන්ට පමණක් මෙම අවයවය පිහිටා තිබෙන අතරඅනෙක් කිසිම සත්ත්ව විශේෂයකට මෙය පිහිටා නැත.

සත්ත්ව විශේෂයන් අතර කැන්ගරු පවුලේ සත්ත්වයෙකු වූ වොට්බැට්, මිනිසා හැරුණු විට මේ කියන අවයවය සහිතව උපන් එකම සත්ත්වයා වෙයි. ඒ අනුව මෙය මිනිසාට ඈත අතීතයේ සිටම පැවතෙන්නට වූ රෝගයක් ලෙස සැලකිය හැකිය. මේ රෝගය අතීතයේ සැලකුනේ හඳුනා නොගත් රෝගයක් ලෙසය. එමෙන්ම මෙය රෝගයක් ලෙස හඳුනාගැනුනේද 19 වෙනි ශතවර්ෂයේ අවසාන භාගයේදිය.

ඒ උණ්ඩුක පුච්ච ප්‍රදාහය ඇතිවෙන්නේ එය ඉදිමීමකට ලක්වීම තුළින් යැයි තහවුරුවීමෙනි. මේ කුඩා පැස නැතිනම් උණ්ඩුක පුච්චය ඉදිමී පැසවා පිපිරීමෙන් සැරව උදරය පුරා පැතිරී ගිය විට මිනිසුන් මිය යාම පවා සිදු විය. නමුත් වර්ථමානයේ වුවත් මූලික අවස්ථාවේදී උණ්ඩුක පුච්ච ප්‍රදාහය යැයි හඳුනාගැනීම ප්‍රමාද වුවහොත් එම සැරව උදරය පුරා පැතිරෙන්නට ඉඩ හැරියහොත් රෝගීන් අතරින් සියට පහක් දෙනා අනිවාර්යෙන්ම මරණයට පත්වීමට ඉඩ තිබේ.

නමුත් මෙය අවුරුදු 65ට වැඩි කෙනෙකුට සෑදී සැරව බඩ ප්‍රරා පැතිරෙන්න ඉඩ හැරිය හොත් සියයට විසිපහක් දෙනා ඒ හේතුවෙන් අනිවාර්යෙන්ම මියයාමට හැකි බැවින් ඔබේ වැඩිහිටියා ,මව, පියා , ඇපෙන්ඩිසයිටිස් රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් නොපමාව රෝහල්ගත කරවන්නට උත්සහ දරන්න. බොහෝදෙනා ඇපෙන්ඩිසයිටිස්වලට බෙහෙත් බී සුව කරගත හැකියයි සිතනු ඇත.

නමුත් ඔබේ රෝගියා හැකි ඉක්මණින් නිසි ශල්‍ය වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කරවන්නට කටයුතු කිරීමෙන් රෝගියාගේ ජීවිතය අනතුරුදායක තත්ත්වයෙන් මුදවා ගන්නට හැකි වනු ඇත. කෙසේ නමුත් ඇතැම් කාන්තාවන්ට පැලෝපීය නාලයේ හෝ ඩිම්බ කෝෂවල ඇතිවෙන ඉදිමිමකදී ඇපෙන්ඩිසයිටිස් රෝගයේ රෝග ලක්ෂණවලට සමාන රෝග ලක්ෂණ මතුවීමට ඉඩ තිබේ.

මේ සඳහා පවතින පරීක්ෂණය වනුයේ සුදු රුධිරාණු පරීක්ෂාවට ලක්වීමයි. නමුත් එය සියයට සීයක්ම ඇපෙන්ඩිසයිටිස් හඳුනාගත හැකි පරීක්ෂණයක් නොවේ. ඇපෙන්ඩිසයිටිස් රෝගය මතුවන්නේ කෙසේදැයි මෙතෙක් හඳුනාගෙන නැත.

සාමාන්‍යයෙන් මෙය යුරෝපීය ජාතිකයන් හා ඔස්ට්‍රෙලියානු ජාතිකයන් අතර බහුල බවට හඳුනාගෙන තිබේ.එමෙන්ම ආසියාතිකයන්ට මේ රෝගයෙන් වැඩි පීඩනයක් එල්ල නොවන බවද සනාථ වී ඇත. ආහාරවල කෙදි සහිත බව අඩුවීම මීට හේතුවක් බව තවදුරටත් මේ සොයා බැලීමේදී සනාථ වූ කරුණකි.ආහාරවල කෙඳි සහිත බව අඩුවීම මීට හේතුවක් ව බව තහවුරු වීම නිසා පොතු වර්ග වී යනාදිය ගිලීම මේ රෝගයට හේතුවක් නොවේ යැයි අනුමාන කළ හැකිය.

ඇපෙන්ඩිසයිටිස් රෝගය වැලඳී ඇති අය පිළිබඳ කරුණු තවදුරටත් සොයා බැලීමේදී ඉහළ සමාජ තත්ත්වයක පසුවන පුද්ගලයින්ට මේ හැකියාව වඩාත් වැඩි බව සනාථ වි තිබේ. එයද ආහාර පුරුදු හා සම්බන්ධ කරුණකි. සමහර පවුල්වල ආවේණික ලක්ෂණයක් නැතිනම් ආරයට යාමක් ලෙසද මේ රෝගය මතුවන අවස්ථා තිබේ.එය උපතින්ම ඇතිවෙන අසාමාන්‍යතාවයක් හෝ ප්‍රවේණිගත දෙයක්වීමටද ඉඩ කඩ පවතී.

නමුත් කලාතුරකින් බඩවැල කෙළවර ඇතිවෙන පිළිකා තත්ත්ව නිසා මතුවන ඉදිමුමද අපෙන්ඩිසයිටිස් ලෙසින් මතුවෙන්නට පුලුවන. ඇපෙන්ඩික්ස් යන අවයවය නැතිනම් උණ්ඩුක පුච්චය ඉදිමුණ විට ඒ වටා ඇතිවන සැරව විවිධ සංකූලතා මතුකරන්නට හේතු සපයන බැවින් මෙය ඉතාමත් සැලකිලිමත් විය යුතු රෝග තත්ත්වයකි. සැරව උදරය පුරාම පැතිරී යාම නිසා පෙරිටොනයටිස් නම් තත්ත්වය මතුවෙන්නට පුලුවන. එයින් උදරයේ ඇතිවන සැරව ගෙඩි යටි බඩ මුත්‍රාශය වැනි ස්ථාන ආසන්නයේ වැඩිපුරම මතුවන්නට පුලුවන.

සාමාන්‍යයෙන් රෝගියාගේ පෙකණිය නැතිනම් නාභිය වටේට ඇතිවෙන වේදනාවක් ලෙස මතුවී දකුණු පැත්තේ පහළ කොටසේ වේදනාවක් ලෙස දැනෙන්නට පටන් ගැනීම ඇපෙන්ඩිසයිටිස් රෝග ලක්ෂණයි.ස්නායුවල පිහිටීම නිසා එම වේදනාව එසේ දැනෙන්නට පටන් ගැනීම ඇපෙන්ඩිසයිටිස් රෝග ලක්ෂණයි.ස්නායුවල පිහිටීම නිසා එම වේදනාව එසේ දැනෙන්නට පටන් ගැනීමත් සමග උණ,බඩ බුරුලට පිටවීම, වමනය ඇතිවීමට ඉඩ තිබෙනවා.

විශේෂයෙන්ම කුඩා ළමයින්ට මේ තත්ත්වය විශේෂයි. ශල්‍ය වෛද්‍යවරයෙකු ඇපෙන්ඩික්ස් ඉදමීමකට ලක් වී ඇති බව හඳුනාගතහොත් ඒ සඳහා පවතින ඉක්මන් හා නියත ප්‍රතිකාරය ලෙස දින තුනක් ඇතුළත එය එය ශල්‍යකර්මයකින් ඉවත්කිරීමට කටයුතු කරන්නේ එය බඩවැල්වල දැවටී ඉවත් කිරීමට අපහසු වුවහොත් සති හයකට පසු ඇතිවෙන දෙවන අවස්ථාව ලෙස රෝගය වඩාත් තද බල වෙන්නට පවතින ඉඩ කඩ වැඩි නිසායි.

දෙවැනිවරට මතුවෙන ඇපෙන්ඩිසයිටිස් තත්ත්වය ඇපෙන්ඩික්ස් එක මුලු මණින්ම මිය යාම විය හැකිය.එසේ වූ විට එම විෂ මුලු උදරය පුරාම පැතිරි රෝගියා බරපතල තත්ත්වයකට පත්වීමට ඉඩ තිබේ. උදරයේ දකුණු කෙළවරේ සෙ.මි 5 – 6 ක වැනි පොඩි කැපුමක ආධරයෙන් ඇපෙන්ඩික්ස් ඉවත් කළ හැකි අතර මෙය වඩා සංකීර්ණ ශල්‍යකර්මයක් නොවේ. මෙහිදී සඳහන් කළ යුතු විශේෂ කරුණක් වනුයේ කලාතුරකින් මෙය වම් පැත්තේ මතුවීමට ඉඩ ඇති බවයි.

ඇපෙන්ඩිසයිටිස් ගැන මේ තොරතුරු දන්නවාද? සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :