කවුද කීවේ මම නෑ කියලා - කෝලි
( රුවන් කාශ්‍යප ) 2017-08-12 08:28:48
Comments - 0       Views - 1120

ශ්‍රී ලංකාව හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර තරගාවලියේදී ඉන්දිය නායක විරාත් කෝලි විවේක ගැන්වීමට ඉන්දියාව තීරණය කර ඇති බවට කතාවක් පැතිර යයි.

මේ පිළිබඳව ඊයේ (11දා) පල්ලෙකැලේ පිටියේ පැවැතිි මාධ්‍ය සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් කෝලිගෙන් ප්‍රශ්න කළේය. එයට පිළිතුරු දුන් කෝලි පැවැසුවේ තමන්ට තරගයට ක්‍රීඩා කිරීමේ ගැටලුවක් නොමැති බවයි.

“ මගේ සහභාගීත්වය? කවුද කීවේ මම තරග කරන්නේ නෑ කියලා.” ඔහු ප්‍රශ්න කළේය. “ මම දන්නේ නෑ මේවා කොහොන් ආවද කියලා. ඔබට මා ක්‍රීඩා කිරීමට අවශ්‍ය නැතිනම් මට කියන්න. මට ක්‍රීඩා කරන එකේ ගැටලුවක් නෑ.” යැයි කෝලි උත්තර දුන්නේය.

 

කවුද කීවේ මම නෑ කියලා - කෝලි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :