නායකයෙක් ලෙස මම පරදින්න කැමති නෑ
( රුවන් කාශ්‍යප ) 2017-08-11 22:47:09
Comments - 0       Views - 914

ඉන්දියාව හා පැවැත්වෙන තරගාවලිය තවම අවසන් නොමැති බවත් තමන්ට නායකයෙකු ලෙස පරාජයවිය නොහැකි බවත් දිනේෂ් චන්දිමාල් පැවැසීය. ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත තෙවැනි ටෙස්ට් තරගයට පෙරාතුව මාධ්‍ය අමතමින් ඔහු මේ බව පැවැසීය.

“ඒක අමාරු කාර්යයක්.” අද (11දා) චන්දිමාල් සඳහන් කළේය. ඒ ඉන්දියාව හා පැවැත්වෙන අවසන් ටෙස්ට් තරගයට පෙරාතුවය. “ නමුත් නියම නායකයෙක් කණ්ඩායම සමග සෑම අපහසු අවස්තාවකම සිටිය යුතුයි. ඒක සමස්ත කණ්ඩායමටම අභියෝගයක්. නමුත් තරුණ ක්‍රීඩකයෙක් හෝ දෙදෙනෙක් ඉදිරියට ඇවිත් දක්ෂතාවත් දැක්වුවහෝත් අපිට ඉදිරියට ඇවිත් මේ තරගය දිනන්න පුළුවන්. ඒක සමස්ත කණ්ඩායමටත් අභිප්‍රේණයක් වෙනවා. අපි ලෝකයේ අංක එකේ කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කරන්නේ කියලා අමතක කර නෑ. අපි මේ තරගය ජය ගන්න බලාගෙන ඉන්නේ”

“අපි තවමත් හිතන්නේ මේ තරගාවලිය තවමත් ඉවර නෑ. නායකයෙකු ලෙස මම පරදින්න කැමති නෑ. අංක එකේ කණ්ඩායම හෝ අංක අටේ කණ්ඩායම වේවා මට ජයග්‍රණයයි අවශ්‍ය. අපි අවසන් වෙනකම් තරග කරනවා. නමුත් අවසන් ප්‍රතිඵලය අපට පමණක්ම පාලනය කරන්න බෑ. හැම අවස්ථාවකම පීඩනයක් තිබෙනවා. අපි දැන් තරග දෙකක් පරාජය වෙලා ඉන්නේ. නමුත් අපි හොඳ කණ්ඩායමක්. කණ්ඩායමක් ලෙස අපි මෙම තරගය ජයගන්න ඉන්නේ. අපි එක කළෝත අපිට ශක්තිමත්ව ඉදිරියට යන්න පුළුවන්. ”

නායකයෙක් ලෙස මම පරදින්න කැමති නෑ සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :