සමෘද්ධිය කපන්නේ නෑ - ජනපති
( . . ) 2017-08-11 18:10:00
Comments - 0       Views - 296

කිසිම අයුරකින් සමෘද්ධි කප්පාදුවක් සිදු නොකරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (11දා) ඇඹිලිපිටියේ දී පැවසීය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ මහවැලි ජනපදිකයන්ට ඉඩම් ඔප්පු ලක්‍ෂයක් බෙදාදීමේ වැඩසටහනට ඇඹිලිපිටිය නව නගර ගම්උදාව ක‍්‍රීඩාගණයේදී එක්වෙමිනි.

“මේ දවස්වල කරන සමීක්‍ෂණයක් තුළ සමෘද්ධි කපලා කියලා නොයෙකුත් උද්ඝෝෂණත තියනවා. එකක් පැහැදිලිව කියන්න  ඕනෑ. රජය කිසිම පවුලක සමෘද්ධිය කපන්නෙත් නෑ, අඩුකරන්නෙත් නෑ. ඊට වෙන්කර ඇති මුදල් වෙනස් කරන්නෙත් නෑ.

නොයෙකුත් දේශපාලන උසිගැන්වීම් සහ නොමග යැවීම් තුළ උද්ඝෝෂණ ඇතිවීම අපට පෙනීයන කරුණක්. ඒ නිසා රජය තීරණය කරලා තියනවා, දැනට සමෘද්ධි ප‍්‍රතිලාභ ලැබිය යුතු පවුල් ලක්‍ෂ ගණනක් ඉන්නවා. ඒ අය තෝරාගෙන ඒ අයට අලුතින් ලබාදීම තමයි රජය බලාපොරොතතු වෙන්නේ.

ඒ හැර කිසිම ආකාරයතික් සමෘද්ධි පවුල්වලට තිබෙන සහනාධාර, වරප‍්‍රසාද කිසිම ආකාරයකට කපන්නෙවත් අඩුකරන්නෙවත් නැහැ”

අජිත ලාල් ශාන්ත උදය

සමෘද්ධිය කපන්නේ නෑ - ජනපති සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :