අනුර හා තේනුක මෛත්‍රී සමීපයට
( රුවන් කාශ්‍යප ) 2017-08-11 17:08:43
Comments - 0       Views - 1805

ඌව පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය, පරිවාස හා ළමා ආරක්ෂක, වනිතා කටයුතු හා සමාජ සුභසාධන අමාත්‍යවරයා ලෙස අනුර විදානගමගේ මහතා පත් කර තිබේ.

ඒ මහතා ඊයේ (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ඌව පළාත් ආණ්ඩුකාර එම්.පී ජයසිංහ මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

 මේ අතර මහියංගනය ප්‍රාදේශීය සංවර්ධන කමිටු සම සභාපතිවරයා ලෙස තේනුක විදානගමගේ මහතා පත් කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කළේය.

ඒ මහතා  ඊයේ (10දා) ජනාධිපති කාර්යාලයේදී සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

අනුර විදානගමගේ මහතා 

01 (1) copy

තේනුක විදානගමගේ මහතා

02 copy

අනුර හා තේනුක මෛත්‍රී සමීපයට සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :