ගංජා කිලෝ 30ක් සමග තිදෙනෙකු අත්අඩංගුවට
( අද කර්තෘ මණ්ඩලය ) 2017-08-11 15:43:41
Comments - 0       Views - 381

නාවික හමුදාව වෙත ලැබුණු බුද්ධි තොරතුරක් මත ක්‍රියාත්මක වූ බටහිර නාවික විධා‍නයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ කොළඹ පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් පිරිසක් එක්ව අද (11දා) උදෑසන සිදු කළ විශේෂ සෝදිසි කිරීමකදී මන්නාරම, එලුතූර් මන්සංදියේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 30ක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. 

මෙම කේරළ ගංජා තොගය අලෙවි කිරීම සඳහා රැගෙන යමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති අතර, එම පුද්ගලයන් සහ කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

ගංජා කිලෝ 30ක් සමග තිදෙනෙකු අත්අඩංගුවට සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :