උමා ඔය අත්හිටුවන්න දිවුරුම් ප්‍රකාශයක් බාරදෙයි
( අද කර්තෘ මණ්ඩලය ) 2017-08-11 14:12:04
Comments - 0       Views - 429

උමා ඔය ව්‍යාපෘතිය වහාම අත්හිටුවන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය හා බණ්ඩාරවෙල ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකු අද (11දා) ශ්‍රේෂ්ඨාධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කර ඇත.

මේ අතර මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මීට පෙර ගොනුකර තිබූ නඩුව අද ශේෂ්ඨාධිකරණයේදී විභාගයට ගත් අතර, අද දිනය තුළ උමා ඔය ව්‍යාපෘතියට අදාළ වාර්තා අධිකරණයට  ඉදිරිපත් කරන ලෙස නියෝග කළ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල මෙම නඩුව ලබන මස 29 වැනිදා දක්වා කල් තැබීමට නියෝග කරන ලදී.

උමා ඔය අත්හිටුවන්න දිවුරුම් ප්‍රකාශයක් බාරදෙයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :