වඩාත් නිදහස් දුරකථන සංවාදයකට
( . . ) 2017-08-12 06:00:57
Comments - 0       Views - 996

දුරකථන ඇමතුමක් පැමිණි විටදී ස්මාට්ෆෝනය කනේ තබාගෙන කථා කිරීම ක්‍රම ක්‍රමයෙන් යල් පැනගිය භාවිතාවක් බවට පත්වෙමින් තිබේ. ඒ වෙනුවට සාමාන්‍ය හෑන්ඩ්ෆ්‍රී එකක් නැතිනම් බ්ලූටූත් හෑන්ඩ්ෆ්‍රී එකක් පැලඳීම බොහෝ දෙනෙකුගේ පුරුද්දයි. කෙසේ නමුත් කාර්යබහුල දිනයක් පුරාවටම බ්ලූටූත් හෑන්ඩ්ෆ්‍රී උපාංගයක් කණේ පැලඳ සිටීම අපහසු බව බොහෝ දෙනෙකු පිළිගන්නා කාරණයකි.

හඳුන්වා දෙන Orii Smart Ring උපාංගය මගින් එයට විකල්පයක් හඳුන්වා දේ. එනම් හෑන්ඩ්ෆ්‍රී උපාංගය වන්නේ මෙම මුදුව වන අතර, අවශ්‍ය මොහොතකදී එය කණට ආසන්න කොට දුරකථන සංවාදයේ යෙදීමට හැකියාව ඇත. මෙය ස්මාට්ෆෝනය කණේ තබාගෙන කථා කරනවාට වඩා පහසු බව නොකිවමනායි.

ස්මාට් මුදුවක් ලෙසින් හැඳින්වෙන මෙය ඔබේ ඇඟිල්ල ඔස්සේ හඬ කම්පනයන් නිකුත් කරනා අතර, ඔබේ ඇඟිල්ල කණේ අස්ථීන්ට ආසන්න කොට තැබීමෙන් ඔබට දුරකථනය ඔස්සේ සම්ප්‍රේෂණය වන දෑ පහසුවෙන්ම ඇසීමට හැකිවනු ඇත.

එසේම මෙහි noise-cancelling වර්ගයේ මයික්‍රෆෝනයන් දෙකක්ද තිබෙනා බැවින් ඔබ කථා කරනා දේද පහසුවෙන් ග්‍රහණය කරගැනීමට මෙම ස්මාට් මුදුවට හැකියාව ලැබෙනු ඇත. එසේම මෙය IPX7 සම්මතයේ ජල ප්‍රතිරෝධී නිමාවකින් යුක්ත වන නිසා පිටත භාවිතයට හෝ දහදිය දැමීම වැනි ගැටළු සම්බන්ධයෙන් හෝ සිත් කරදර කරගැනීමට ඇවැසි නොවනු ඇත.

එසේම මෙයට පහසුවෙන්ම Siri හෝ Google Assistant වැනි ඩිජිටල් සහායකයින් හා ඔබව සම්බන්ධ කිරීමටද හැකියාව ඇත. කෙසේ නමුත් මෙහිදී ඔබේ දෑතම නිදහස් නොවීම මගින් හෑන්ඩ්ෆ්‍රී සංකල්පය බිඳ දමනා බව හැඟී ගියත්, මෙහි ඇති වඩාත් පහසුතාවය සලකා බලනවිට එය නොගිණිය හැකි වනු ඇත.

path 2 Path

වඩාත් නිදහස් දුරකථන සංවාදයකට සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :