සිංගප්පූරු විදෙස් ඇමැති ලංකා සංචාරය අරඹයි
( . . ) 2017-07-18 11:00:20
Comments - 1       Views - 622

(UPDATE) 

සිය නිල ශ්‍රී ලංකා සංචාරය ආරම්භකරමින් සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය විවියන් බාලක්‍රිෂ්ණන් මහතා අද අලුයම 1ට පමසණ සිංගප්පූරු ගුවන් යානයකින් දිවයිනට පැමිණියේය. ඔහුත් සමග 7 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණියේය.දූත පිරිස එළැඹෙන 21 දා තෙක් ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට නියමිතය. 

සිංගප්පූරු විදේශ අමාත්‍යවරයා ඇතුළු දූත පිරිස පිළිගැනීම සඳහා විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා කටුනායක ගුවන් තොටුපොළට පැමිණියේය.ජනපති, අගමැති ඇතුළු මැති ඇමතිවරුන් සමග සිංගප්පූරු විදේශ අමාත්‍යවරයා සාකච්ඡා පැවැත්වීම නියමිතය.

DSC_2423 copy DSC_2446 copy DSC_2463 copy

ටී.කේ.ජී. කපිල


සිංගප්පූරු විදෙස් ඇමති එයි

සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍ය විවියන් බාලක්‍රිෂ්ණන් මහතා නිල සංචාරයක් සඳහා හෙට (18දා)  රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිතය.

ඔහු හෙට (18දා)  විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණනායක මහතා හා සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

මේ අතර ඔහු දිවයිනේ රැඳී සිටින කාලය තුළදී රජයේ ඉහළ පෙළේ නියෝජිතයන් හා ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීමටද නියමිතය.

සිංගප්පූරු විදෙස් ඇමැති ලංකා සංචාරය අරඹයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (1)
Posted by kasun kumara on (2017-07-17 05:24:29)

රනිල් අගමැතිවරයා බැඳුම්කර මහේන්ද්‍රන්ට මහබැංකුව දීල නැතිකරගත්තා. ලෝකේ හොඳම මුදල් ඇමතිවරයා හෝ බැඳුම්කර මහේන්ද්‍රන්ද දන්නේ නෑ ආරාධනා කළේ ඇවිත් එයාව බේර ගන්න කියලා. 

Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :
Loading...