ශ්‍රී ලංකාවට ලකුණු 387ක ඉලක්කයක්
( . . ) 2017-07-17 13:51:38
Comments - 0       Views - 474

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැත්වෙන එකම ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 377කට දවා ගැනිමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ.

ඒ අනුව තරගයේ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 387ක ඉලක්කයක් හිමිවිය. ටෙස්ට් තරගයකදී ශ්‍රී ලංකා කණ්ඩායමක් මේ දක්වා වැඩිම ලකුණු සංඛ්‍යාවක් හඹාගොස් ජයගෙන ඇත්තේ 2006 වසරේදී දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 352කි.

සිම්බාබ්වේ ඉනිම වෙනුවෙන් සිකන්දර් රාසා ලකුණු 127 රැස්කළේය. රංගන හේරත් කඩුලු 6ක් දවාගත්තේය.

ශ්‍රී ලංකාවට ලකුණු 387ක ඉලක්කයක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :