ශ්‍රී ලංකාවේ සාර්ථකම හඹායෑම ලකුණු 352
( රුවන් කාශ්‍යප ) 2017-07-17 11:48:20
Comments - 0       Views - 1861

ශ්‍රී ලංකාවේ පැවැති ටෙස්ට් තරගයකදී ශ්‍රී ලංකා කණ්ඩායමක් සාර්ථක ලෙස ලකුණු 352ක් හඹාගොස් ජයග්‍රහණයක් වාර්තා කර අැත්තේ 2006 වසරේදී දකුණු අප්‍රිකාවට එරෙහිවය. එය ශ්‍රී ලංකා කණ්ඩායමක් ටෙස්ට් තරගයකදී වැඩිම ලකුණු ප්‍රමාණයක් හඹාගොස් වාර්තා කළ ජයග්‍රහණයද වෙයි.

ශ්‍රි ලංකාව තවත් අවස්ථාවකදී ලකුණු 300 සීමාව ඉක්මවා හඹාගොස් ජයග්‍රහණයක් වාර්තා කර තිබේ. ඒ 1998 වසරේදී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලකුණු 326ක් හඹාගොස් ලබාගත් ජයග්‍රහණයකි. 

ඒ හැරෙන්නට ශ්‍රී ලංකා කණ්ඩායමක් ශ්‍රී ලංකාවේදී ටෙස්ට්  ලකුණු 300 සීමාව ඉක්මවා ගොස් ජයග්‍රහණයක් වාර්තා කර නොමැති අතරම රටින් පිටද එවැනි දක්ෂතාවක් දක්වා නොමැත.

සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර මේ වන විට කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැත්වෙන ටෙස්ට් තරගයේ සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 90කදී කඩුලු 8ට ලකුණු 331ක් රැස්කරගෙන සිටියි.

ඒ අනුව ඔවුන් තවත් කඩුලු 2ක් අතැතිව ශ්‍රී ලංකාවට වඩා ලකුණු 341ක් ඉදිරියෙන් සිටියි. 

ශ්‍රී ලංකාවේ සාර්ථකම හඹායෑම ලකුණු 352 සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :