ජාතිවාදය ගැන කතා කිරීම නිර්මල බුදුදහමට විරුද්ධයි
( . . ) 2017-07-17 10:40:42
Comments - 0       Views - 448

රටක තිෙබන නීතිය සෑම දෙනාටම සමාන විය යුතු අතර එය උස්-මිටි, ධනවත්-දුප්පත් කියන නොනැමෙන හැමටම එක සමාන එකක් විය යුතු බව කථානායක කරු ජයසූරිය මහතා පැවසීය.

ඇඹිලිපිටිය කාවන්තිස්ස රජමහා විහාරස්ථානයේ අභිනව බුදු මැදුරට ප්‍රථම පුෂ්ප පූජාව පැවැත්වීමෙන් පසුව පැවති  හමුව අමතමින් කථානායකවරයා මේ බව පවසා සිටියේය.

ඇඹිලිපිටිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වන ප්‍රියන්ත රූපසිංහ මහතා සහ පවුලේ අයගේ ධන පරිත්‍යාගයෙන් මෙම බුදු මැදුර ඉදිකර තිබේ.
එහිදී වැඩිදුරටත් කතා කළ කථානායකවරයා,

''මේ අවුරුද්ද ශ්‍රී ලංකාවේ අපට විශාල ගෞරවයක් ලබාදුන් අවුරුද්දක්. එක්සත් ජාතීන්ගේ සංවිධානයත් එක්ක එකතු වෙලා ඉතා සාර්ථක බෞද්ධ සම්මේලනයක් පවත්වන්න අපට හැකි වුණා.

බුද්ධාගම ඇති රටවල් කොතරම් තිබුණත් ලෝකයේ බුදුදහමේ අාරක්‍ෂකයා ලෙස සලකන්නේ ශ්‍රී ලංකාවයි. බෞද්ධ ප්‍රබෝධය කොතරම් ද කියනවා නම් ලෝක රාජ්‍ය නායකයෝ පවා දැන් භාවනා කරන්න පටන් අරං. ඇමෙරිකාවේ හිටපු නායකයා ඊට හොඳම උදාහරණයක්. 

අපේ රටේ වගේ දන්සල් තියලා බලෙන් කෑම දෙන රටවල් ලෝකයේ වෙනත් නෑ. ඒ වගේමයි ලෝකයේ වෙනත් රටවල් කිහිපයක පමණක් කෙරෙන ඇස්, වකුගඩු, ලේ වගේ දේවල් දන්දීම අපේ රටේ වෙනවා දැකලා ලෝක නායකයන් පුදුම වුණා. උතුම් මිනිස් ගුණ කියන අය තමයි ලංකාවේ ඉන්නේ. ඒ ගැන අපි සතුටු වෙන්න ඕනෑ. 

බුදුරජාණන් වහන්සේ දේශනා කර තියෙනවා ලෝකයේම ඉන්නේ එක ජාතියයි කියලා. ඒ තමයි මිනිස් ජාතිය. එහෙනම් අපි ජාතිවාදය ගැන කතා කිරීම බුදුදහමට විරුද්ධයි. අපි බෞද්ධයෝ නම් සෑම දෙනාටම මෛත්‍රී කරන්න ඕනෑ, ගෞරව කරන්න ඕනෑ. අපේ ජාතියට ආගමට වගේම වෙනත් ජාතීන්ට ආගමිකයන්ටත් අපි ගරු කරන්න ඕනෑ. 

ජනතාව මහා සංඝරත්නය සමග සමීප වෙනවා නම්, ඇසුරු කරනවා නම් මේ රටේ පොලීසියත්, උසායවිත් අවශ්‍ය වන්නේ නෑ. භික්‍ෂූන් වහන්සේලාත් උන්වහන්සේලාගේ යුතුකම ඉටුකරල තිබුණොත් සාමකාමී රටක් අනාගත පරපුරට බාරදෙන්න පුළුවන් වේවි. අපි හැමගේ ප්‍රාර්ථනාව එයයි.'' යැයිද පවසා සිටියේය.

මෙම නව බුදු මැදුර ඉදිකිරීමට අනුග්‍රහය දැක්වූ ප්‍රියන්ත රූපසිංහ මහතාට කථානායකවරයා අතින් සිහිවටන තිළිණයක් පිරිනැමීමද සිදු කෙරුණි.

මහා සංඝරත්නය, නිපුණතා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ. 

අජිත්ලාල් ශාන්තඋදය/කොලොන්න ජේ. නානායක්කාර/විජය විදානපතිරණ

713-15 713-17

ජාතිවාදය ගැන කතා කිරීම නිර්මල බුදුදහමට විරුද්ධයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :
Loading...