හසලක ගාමිණී 26 වැනි ගුණානුස්මරණය අලිමංකඩදී
( වවුනියා මධුසංක අමරසිංහ ) 2017-07-16 10:28:56
Comments - 1       Views - 2245

වීරෝධාර අභීත රණවිරුවෙකු වූ කෝප්‍රල් ගාමිණී කුලරත්න නොහොත් හසලක ගාමිණී රණවිරුවාගේ 26 වැනි ගුණානුස්මරණය උත්සවාකාරයෙන් අලිමංකඩ පිහිටි හසලක ගාමිණී පිළිරුව අසලදී සමරනු ලැබීය.

කිළිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් අජිත් කාරියකරවන මහතාගේ මගපෙන්වීම යටතේ 66 වැනි සේනාංකාධිපති මේජර් ජෙනරල් දුමින්ද කැප්පටිවලාන මහතාගේ අධීක්ෂණයෙන් 662 බලසේනාධිපති කර්නල් රොහාන් පොන්නම් පෙරුම මහතා ඇතුළු කාර්යමණ්ඩලය මෙම සැමරුම සංවිධානය කර තිබිණි.

හසලක ගාමිණී පිළිරුව අබියස සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක්ද පවත්වා පසුදා උදෑසන හීල් දානය සහ පිරිකර පූජා කිරීම සිදුකෙරිණි.

මෙම අවස්ථාවට හසලක ගාමිණි අභීත රණවිරුවාගේ මව වූ එස්.ජී. ජුලියට් මාතාව ඇතුළු සහොදර සහෝදරියන් හා ඥාතීන්ද එක්ව සිටියහ.

1991 ජූලි 13 වැනිදා අලිමංකඩ ඉදිරි ආරක්ෂක වලල්ල කඩා යුද හමුදා කඳවුර දෙසට පැමිණි ත්‍රස්තවාදීන්ගේ බුල්ඩෝසරයට හසලක ගාමිණී රණවිරුවා විසින් බෝම්බ සහතිව පැනීමෙන් බුල් ඩෝසරය විනාශ වූ අතර, ඉන් අලිමංකඩ කඳවුරේ සිටි සෙබළුන් 1500ක පමණ දෙනාගේ ජීවිත බේරා ගැනීමට හැකිවිය.

IMG_3543 copy IMG_3580 copy IMG_3591 copy IMG_3616 copy IMG_3653 copy IMG_3705 copy IMG_3720 copy IMG_3745 copy IMG_3764 copy IMG_3766 copy IMG_3793 copy

හසලක ගාමිණී 26 වැනි ගුණානුස්මරණය අලිමංකඩදී සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (1)
Posted by ajith on (2017-07-17 21:04:24)

ඔබ වැනි වීරයන් නිසා රට සුරැකුණි. ඔබට අජරාමර නිවන් සුව අත්වේවා.

Posted by ajith on (2017-07-17 21:04:24)

ඔබ වැනි වීරයන් නිසා රට සුරැකුණි. ඔබට අජරාමර නිවන් සුව අත්වේවා.

Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :