ඔබේ දරුවාටත් උණ වැලඳී අැත්නම්
( සරසි නෙත්මිනී ) 2017-07-12 12:10:07
Comments - 0       Views - 942

අද වනවිට ඩෙංගු උණ රෝගය වසංගත තත්ත්වයක් බවට පත්ව තිබේ. වයස් භේදයකින් තොරව ඩෙංගු උණට ගොදුරු වීමක් දැකගත හැකිය. නමුත් කුඩා දරුවන්ට ඩෙංගු උණ වැලඳුණොත් ඔවුන්ට ඔවුන්ගේ අපහසුතා හරිහැටි කියාගත නොහැකි වීම හේතුවෙන් රෝගය උත්සන්න වීම සිදුවේ.

එබැවින් දෙමව්පියන් ලෙස ඔබේ දරුවාට මේ දිනවල උණ රෝගය වැලඳී ඇත්නම් සැලකිලිමත් විය යුතුය. ඒ සම්බන්ධව ඔබ දැනුවත් කිරීමට කොළඹ ජාතික රෝහලේ හෙද පුහුණු නිලධාරිනී පුෂ්පා රම්‍යාණී සොයිසා මෙනවිය 'අද' සම්බන්ධ කර ගත්තෙමු.

වසංගත රෝග කාලයකදී කුඩා දරුවෙක් හෝ ළඳරුවෙකුට උණ රෝගය වැලඳුණොත් කල් මරන්න හොඳ නැහැ. මේ කාලයේදී දරුවෙකුට උණක් හැඳුණොත් අනිවාර්යයෙන්ම ඔබ කරන්නට ඕනේ වහාම පවුලේ වෛද්‍යවරයාට හෝ කුමන හෝ වෛද්‍යවරයෙකු ළඟට ගොස් අනිවාර්යයෙන්ම මෙය ඩෙංගුද නැතිනම් වෙන රෝගී තත්ත්වයක්ද කියා බැලීම අත්‍යවශ්‍යයි.

මන්ද සමහර වෙලාවට රෝග තත්ත්වය උත්සන්න වෙනතෙක් දන්නෙ නැති නිසා. ඊට පසුව අවශ්‍ය ප්‍රතිකාර සඳහා යොමු වෙන්න අවශ්‍යයි.

ඒ වගේම උණ පොඩ්ඩක් හරි ඇති වුණොත් වෛද්‍ය නියමයෙන් තොරව ඖෂධ භාවිත කරන්න හොඳ නැහැ. ඔබ කරන්න අවශ්‍ය දරුවාට උණ තියෙනවා නම්, ගෙදර උණ කටුවක් තියා ගෙන උණ කටුවෙන් නිවැරදිව උණ පරීක්ෂා කර බලන්න එක. ඒ වගේම එහි සටහන් පවත්වා ගන්න අවශ්‍යයි.

එතකොට වෛද්‍යවරයා ළඟට යන කොට ඔබට කියන්න පුළුවන් උණ ප්‍රමාණය වැඩිවෙනවද, අඩුවෙනවද කියාලා. ඒ වගේම ඔබට උණ පාලනය කරන්න හැකියාවක් තිබෙනවා. තුවායක් අරගෙන මඳ උණු වතුර හොඳට පොඟවලා මුළු ඇඟම තෙතමාත්තු කරන්න පුළුවන් නම්, උණ බස්සන්න පුළුවන්. නැතිනම් දරුවාට උණවලිප්පුව දක්වා යන්න පුළුවන්. 

ඒ වගේම දරුවන්ගේ විවිධාකාර රෝග ලක්ෂණ මතුවෙනවා. උණ, කැස්ස, හෙම්බිරිස්සාව ඇතිවෙනවා. අප්‍රාණිකභාවය, ඇඟපත පණ නැතිකම, ශරීරයේ සන්ධි වේදනාව, පළු මතුවීම, හුස්ම ගැනීම වේගවත් වීම, නාඩිවැටීම වේගවත් වීම, මේ වගේ මෙන්ම දරුවගේ පොඩි හරි වෙනසක් තිබෙනවා නම් ඉක්මනින් වෛද්‍යවරයෙකු ගාවට යොමුකිරීම අත්‍යවශ්‍යයි. 

ඔබේ දරුවාටත් උණ වැලඳී අැත්නම් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :
Loading...