ලොව ධනවත්ම අඹු සැමියන් 7 දෙනා මෙන්න
( . . ) 2017-07-11 12:13:10
Comments - 0       Views - 2837

වෙල්ත්-එක්ස්(Wealth-X) නම් වෙ‍ෙළඳ සමාගම විසින් ලොව ධනවත්ම පුද්ගලයන් පිලිබඳ සිදු කළ ගවේශනයකින් සහ තක්සේරු කිරීමවලින් ලොව ධනවත්ම අඹු සැමියන් 10 දෙනා ලැයිස්තු ගත කර තිබෙනවා.

මෙම පුද්ගලයන් developers, innovators, CEOs, fashion magnates සහ philanthropists කාණ්ඩවලට අයත් වේ. මොවුන් අයත් වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය, චීනය,ස්පාඤ්ඤය, සහ ප්‍රංශය යන රට වලටයි. 

01) බිල් ගේට්ස් සහ මෙලින්ඩා ගේට්ස් (Bill and Melinda Gates) – ඒකාබද්ධ ශුද්ධ වත්කම: ඩොලර් බිලියන 85.7

බිල් ගේට්ස් මෙලෙස ලොව අංක එකේ ධනවතා බවට පත්වීමේ ගමන ආරම්භ වන්නේ 1975 දී මයික්‍රොසොෆ්ට් (Microsoft) ආයතනය ආරම්භ කිරීමත් සමගය. මේ දිනවල ඔහු Bill and Melinda Gates පදනමේ සම සභාපතිවරයා ලෙසද කටයුතු කරයි. මෙලින්ඩා ගේට්ස් Microsoft ආයතනයේ වැඩ කටයුතු ආරම්භ කරන්නේ 1987 වසරේදීයි.

ඔවුන් 1994 වසරේදී විවාහ දිවියට ඇතුළත්ව ඇත. ඔවුන්ගේ දරුවන් තිදෙනාට කිසිදු Apple නිෂ්පාදනයක් භාවිත කිරීමට අවසර නොමැති බවද ඇතැම්හු පවසති. මෙම යුවළ මානව හිතවාදීන් ලෙසට බොහෝ ප්‍රසිද්ධ වී සිටියි. ඔවුන්ගේ ධනයෙන් බොහෝ ප්‍රමාණයක් දන් දීම අරමුණින් 2010 අගෝස්තු මාසයේදී වොරන් බෆට් (Warren Buffett) සමග The Giving Pledge ආරම්භ කර ඇත.

02) Amancio Ortega Gaona and Flora Perez- ඒකාබද්ධ ශුද්ධ වත්කම: ඩොලර් බිලියන 70.7

Amancio Ortega දෙවන බිරිඳ වන Flora Perez හමුවන්නේ ඇය සේවිකාවක ලෙස Amancio’s retail clothing holding ,Inditex හි  සේවය කරන අතරතුරයි. වර්තමානයේ Perez, Inditex හි අධ්‍යක්ෂ මණ්ඩලයේ කටයුතු කරන්නීය.

Inditex හි 50%ක අයිතිය තිබෙන්නේද Perez හටයි. එමෙන්ම ඇයගේ සැමියාගේ මූලිකත්වයෙන් ඇරඹුණු Amancio Ortega පදනමේ උපසභාපති ලෙසද ඇය කටයුතු කරන්නීය. මෙහි අරමුණ වී තිබෙන්නේ සමාජයේ යහපත සහ අධ්‍යාපනය දියුණු කිරීමයි.

03) Warren Buffett and Astrid Menks – ඒකාබද්ධ ශුද්ධ වත්කම: ඩොලර් බිලියන 65

Menks, Warren Buffett ගේ දෙවන බිරිඳයි. ඔහු සමග විවාහ වීමට පෙර ඇය අවන්හලක සේවිකාවක වශයෙන් සේවය කර තිබෙනවා.

Dairy Queen, Helzberg Diamonds, Geico, Fruit of the Loom and Heinz Buffet ට අයත් සමාගම් කිහිපයකි. එමෙන්ම ඔහුට Coca-Cola, American Express, Goldman Sachs සමාගම් වලද හිමිකමක් පවතී.

04) David and Julia Koch – ඒකාබද්ධ ශුද්ධ වත්කම : ඩොලර් බිලියන 47.5

David and Julia  එකිනෙකා හඳුනාගන්නේ 1991 වසරේදීයි. ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 50ක් සහ ඇයගේ වයස අවුරුදු 27කි. ඇය එම කාලයේදී, ප්‍රසිද්ධ විලාසිතා නිර්මාණකරුවෙකු වන Adolfo යටතේ සහකාර නිර්මාණකරුවෙකු ලෙස කටයුතු කර තිබෙනවා.

වර්තමානයේ David, Koch Industries විධායක උපසභාපති ලෙසද Koch Chemical Technology Group හි CEO ලෙසද කටයුතු කරයි. එසේම Julia, School of American Ballet හි අධ්‍යක්ෂ ලෙස කටයුතු කරමින් සිටියි.

05) Charles and Elizabeth Koch - ඒකාබද්ධ ශුද්ධ වත්කම: ඩොලර් බිලියන 47.4

1967 දී චාර්ල්ස් කොච්ට සහ ඔහුගේ සහෝදරයන් තිදෙනාට පියාගේ ව්‍යාපාර උරුම වී තිබෙනවා. 1983 දී කොච් සහ ඔහුගේ සහෝදරයෙකු වන ඩේවිඩ් ඔවුන්ගේ අනෙක් සහෝදරයන්ගේ දේපළද ඩොලර් බිලියනයකට මිලදී ගෙන තිබෙනවා.

වර්තමානයේදී කොච් හට 42% කොටස් තිබෙන අතර සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරියා ලෙසද කටයුතු කරයි. ලිස් කොච්ද ඇයගේ සැමියාගේ සමාගමට සම්බන්ධ වී කටයුතු කරනවා. චාර්ල්ස් කොච් පදනමේද මෙම දෙදෙනාම වැඩ කටයුතු කරමින් සිටිති.

06) Wang Jianlin and Ning Lin – ඒකාබද්ධ ශුද්ධ වත්කම: ඩොලර් බිලියන 40.7

1986 දී වැන්ග් ඩොලර් 80,000ක් ණයට ගෙන property development සමාගමක් වන Dalian Wanda Group ආරම්භ කර තිබෙනවා. මේ වනවිට ඔහුට උතුරු ඇමෙරිකාවේ තිබෙන දෙවන විශාලතම චිත්‍රපට ශාලා පෙළ හිමියි.

එමෙන්ම Sunseeker Yachts හි වැඩි කොටස් ප්‍රමාණයක් හිමිව ඇත්තේද ඔහුටයි. මේවන විට ඔහු සිතු පරිදිම MGM හි ආයෝජනය කිරීමට සහ Lions Gate Entertainment මිලදී ගැනීමට සාකච්ඡා පවත්වමින් සිටිනවා. ඔහුගේ බිරිඳ  වන Lin Investment Group Inc හි සභාපතිනිය ලෙස කටයුතු කරයි.

07) Jeff and MacKenzie Bezos – ඒකාබද්ධ ශුද්ධ වත්කම: ඩොලර් බිලියන 39.8

1992 දී මොවුන් මුණගැහෙන්නේ MacKenzie, Jeff Bezos හට සේවය කරමින් සිටින අතරතුරදීයි. වසර 2ක් තුළදී ඔවුහු විවාහ වී සියැටල් හි පදිංචියට පැමිණෙති.

මේ අතර තුරදී ඔවුන් Amazon.com ආරම්භ කිරීමට සැලසුම් සකස් කර තිබෙනවා. මෙය වර්තමානයේ ලෝකයේ විශාලතම e-commerce වෙබ් අඩවිවලින් එකක් වී තිබෙන අතර මේ වනවිට එහි වත්කම ඩොලර් බිලියන 175කි.

කසුන් රණසිංහ - අන්තර්ජාලය ඇසුරෙන්

ලොව ධනවත්ම අඹු සැමියන් 7 දෙනා මෙන්න සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :