කොළඹ විශාකාවෙන් අසරණ පවුලකට සෙවණක්
( . . ) 2017-07-10 11:11:45
Comments - 4       Views - 4870

කිසිවෙකුගේ පිළිසරණක්  නොමැතිව කළුගල්  ගුහාවක් තුළ  කල් ගෙවූ 71 වියෙහි පසුවන මිත්තනියකටත් 34 වියෙහි පසුවන මවකටත් පිය සෙනෙහස අහිමි ඔවුන්ගේ දියණියන් තිදෙනාටත් කොළඹ විශාකා විද්‍යාලයේ සියවස් සැමරුම සමරමින් විදුහල්පතිවරියගේ හා නියෝජ්‍ය විදුහල්පතිවරියගේ මැදිහත් වීමෙන් අංගසම්පූර්ණ නිවසක් ඉදිකර බාර දීම පසුගිය දිනක සිදුකෙරිණි.

ඒ අනුව විදුහල්පතිවරියවූ සඳමාලි අවිරුප්පෙරුම මහත්මිය, නියෝජ්‍ය විදුහල්පතිනිය වන කළණි සුරියප්පෙරුම මහත්මියගේ මග පෙන්වීම අනුව විද්‍යාලයේ සිසුවියන් හා ඔවුන්ගේ දෙමව්පියන්ගේ මැදිහත්වීමෙන් හෙම්මාතගම ආර්ථික අසරණතාවයට පත්වූ මවක හා දරුවන් තිදෙනෙකු වෙනුවෙන් ඔවුන් මෙවර සිය ශක්තිය යෙදවූයේය.

විශේෂයෙන් විශාකාවියන්ගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යනායිකාව වූ ලක්ෂි රණසිංහ දියණියගේ පියාණන් වන බටහිර ආඥාපති මේජර් ජෙනරල් සුදන්ත රණසිංහ මහතාගේ උපදේශකත්වයෙන් 583 වන බළසේනාවේ බ්‍රිගේඩියර් නිහාල් අමරසේකර හා ඔහුගේ  සේනාංකයේද සහායද මෙම සත්ක්‍රියාව සඳහා නොමදව ලැබුණි.

මීට අමතරව හෙම්මාතගම ප්‍රදේශීය ලේකම්වරිය වන දිලක්ෂි පොතේගම මහත්මිය දියණියන්ගේ මෙම සත්කාරයට මග පෙන්වීම සහ සහයෝගය ලබා දෙමින්  සිය කොට්ඨාසය තුළ උපකාර හිමිවිය යුතු අඩු ආදායම් ලාභී විශාල පිරිසක් අතරින් සමෘද්ධි ආධාර වශයෙන් රුපියල් 3000ක පමණක් ආදායමක් ලබන 34 හැවිරිදි තමරා ප්‍රියංකා කුමාරි  වූ තිදරු මව නිවැරැදිම තැනැත්තිය බවට තෝරාදීමට කටයුතු කර තිබුණි.

මෙහිදී ගඩොලින් ඉදිකරන ලද අංග සම්පූර්ණ නිවසට අමතරව ගෑස් උඳුන් හා මුළුතැන්ගෙයි උපකරණද, වැසිකිළි හා අංග සම්පූර්ණ නාන කාමරක්ද, ඉගැනුම් කටයුතු සඳහා අවශ්‍ය පොත් මේස පුටු පමණක් නොව රූපවාහිනී හා ගුවන් විදුලි යන්ත්‍ර ඇතුළු විදුලි උපකරණද පරිත්‍යාග කෙරිණි.

විශ්ව ගැමුණු ප්‍රියංකර

1 (1) 1 (2) 1 (3) 1 (4)1 (5) 1 (6) 1 (7) 1 (8)IMG_1947 IMG_1948 1 (9)  

කොළඹ විශාකාවෙන් අසරණ පවුලකට සෙවණක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (4)
Posted by anonymous on (2017-07-17 13:07:48)

You people are an example for the rulers of the once a beautiful island called 'Thambapanniya'. This is the sort of 'Daana' the enlightened one appreciated and it is mentioned in the 'Maha Mangala Sutta' as 'well. May you all be well, happy, peaceful and most of all be free from suffering'. Sukee Hothu, Deerga Aayou!.

Posted by Hemantha on (2017-07-10 00:39:22)

Keep up the good work

Posted by janatha anura UAE on (2017-07-11 22:04:31)

great work by great daughters

Posted by anonymous on (2017-07-18 04:53:40)

Sorry, my apologies. Forgot to honour Major Genaral Sudantha Ranasinghe for producing a child of the highest calibre, whom I think is courageous and brave enough t lead the women's battalion of Sri Lanka in the future. Thank you Major!

Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :
Loading...