ලොව විස්මිත නිර්මාණ 07ක්
( . . ) 2017-07-06 13:27:05
Comments - 0       Views - 1969

01) ලොවේ උසම පිළිමය

චීනයේ ලූශාන් ප්‍රාන්තයේ පිහිටි බුදු පිළිමය ලොවේ උසම පිළිමය සේ සැලකේ. මෙම පිළිමයේ උස මීටර් 128කි (අඩි 420යි). එය මීටර් 20ක්  (අඩි 66ක්) තරම් උසවූ නෙළුම් මල් ආසනයකින්ද සමන්විත වේ.

මෙම පිළිමයේ ඉදිකිරීම් නිමාවට පත්වූයේ 2002 වර්ෂයේදීය. මෙම විස්මිත නිර්මාණයේ එවකට වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 55කි.  

02) ලොවේ උසම දේව මන්දිරය

වතිකානුවේ ශාන්ත පීටර් චතුරස්‍රයේ පිහිටි 'බෙසිලිකා' යන දේව මන්දිරය ලොව විශාලතම දේව මන්දිරය ලෙස සැලකේ.

මෙය ලෝ ප්‍රසිද්ධ මයිකල් ඇන්ජලෝගේ ප්‍රධානත්වයෙන් නිර්මාණය කෙරිණි. මෙම දේව මන්දිරයේ දිග අඩි 730 ක්ද, පළල අඩි 500ක් හා උස අඩි 452ක් තරම් වේ.

03) ලොවේ උසම කුලුණ

ජපානයේ අගනුවර වන ටෝකියෝවට අයත් 'සුමිඩා' ප්‍රදේශයේ තැනූ 'ටෝකියෝ ස්කටි ට්‍රී' යනුවෙන් නම් කළ මෙම කුලුණ උසින් අඩි 2080ක් වේ.

මෙහි වියදම ඇ.ඩො. මිලියන 806කි. මෙම නිර්මාණයේ වැඩකටයුතු ආරම්භ කරන ලද්දේ 2014 වර්ෂයේ 07 වෙනි මස 14 වනදා වන අතර, 2012 වර්ෂයේ 05වන මස 22 දින එය වැඩ නිමකර විවෘත කෙරිණි.

04) ලොව විශාලතම යැදුම් පිදුම් චක්‍රය

'ක්වාං ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ඩෙවලොප්මන්ට්' නම් චීන සමාගමක් විසින් නිපදවන ලද මෙම චක්‍රය ඇතුළත බෞද්ධ පූජනීය වස්තූන් සහ සෙල්ලිපි ආදිය අඩංගුය.

අතින් කරකැවිය හැකි මෙය ජලයේ හෝ අනෙකුත් තැන්වල තැබිය හැකිය. අඩි 33 අඟල් 6.36 පරිමාණයෙන් යුත් අඩි 86 අඟල් 2.84 උසැති මෙම චක්‍රය චීනයේ 'කිංගයි' ප්‍රාන්තයේ නිර්මාණය කර තිබේ. ගිනස් වාර්තාවක්ද පිහිට වූ මෙම චක්‍රයේ බර ටොන් 200ක් පමණ වේ. 

05) පැයට සැතපුම් 1000ක් වේගවත් රොකට් කාරය

ලොවේ වාහන අතර ලෝක වාර්තාවන් බිඳ හෙළු මෙය බ්‍රිතාන්‍ය‘යේ 'බිලඩ් හවුන්ට් SSC' කණ්ඩායම මගින් නිෂ්පාදනය කර තිබේ.

මීටර් 4ක් පමණ දිග කිලෝ 400ක් බරැති මෙම වාහනය සාදා නිමකිරීමට වසර 2ක කාලයක් ගතවී ඇත.

06) ලොවේ දිගම දොඹකරය

චීනයේ ඉදිරිකිරීම් සමාගමක් වන 'සැනී' සමාගම මගින් මෙය නිර්මාණය කර ගිනස් වාර්තාවක් පිහිටුවා තිබේ. මෙම සමාගම විසින් 2007 දී නිපදවනු ලැබූ දොඹකරයේ දිග අඩි 216 අඟල් 6කි.

ඉන් පසු 2009 දී නිපදවූ දොඹකරයේ දිග අඩි 234යි අඟල් 1.2කි. එම සියලු වාර්තා බිඳහෙළමින් ඔවුන් නිපදවූ මෙම නවතම දොඹකරයේ දිග අඩි 282යි අඟල් 8.7ක් තරම් වේ.

07) ලොවේ විශාලතම වයලීනය

මෙම වයලීනයේ උස ප්‍රමාණය මීටර් 4.28යි. පළල මීටර් 1.45ක් වේ. මෙහි බර කිලෝ 100කි.

ලොව විශාලතම වයලීනය ලෙස වාර්තා පොතට එක්වූ මෙය ජර්මනියේ මාර්ක් නියුක්ර්චන් නගරයේ වයලින් වාදකයන් දොළොස්දෙනෙකු විසින් නිර්මාණය කරන ලදී.

සටහන - දිනිත් කණිෂ්ක

ලොව විස්මිත නිර්මාණ 07ක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :
Loading...