අසාත්මිකතා නිසා ඔබත් පීඩාවට පත්වෙලාද?
( . . ) 2017-07-06 06:00:32
Comments - 0       Views - 416

සමහරුන්ට ඇලර්ජි ඇතිවීම නැතිනම් අසාත්මිකතා ඇතිවීම සම්බන්ධයෙන් පවතින භීතිකාව නිසා මහත් අකරතැබ්බවලට මුහුණ දෙන්නට වෙන අවස්ථා බොහෝයි. කිසියම් අයෙක්ට අසාත්මිකතා ඇති නොකරන ආහාර හා ඖෂධ සමහරෙකුට අසාත්මිකතා ඇති කරන්නේ ඇයි. අසාත්මිකතා ඇතිවෙන්නේ කොහොමද? මෙ වැනි ගැටලු ඔබටත් යම් යම් අවස්ථාවල මතුවී ඇති.

මේ වන විට අසාත්මිකතා වෙනුවෙන් පරීක්ෂණ පවා බිහිවී තිබෙනවා. සියල්ලන්ටම පළමු මනසට වද දෙන මේ අසාත්මිකතා ඇතිවෙන්නේ මන්දැයි විමසා බලමු. මිනිස් සිරුරට යම් යම් බැක්ටීරියා වලින් ඇතිකරන බලපෑම්, ලෙඩ රෝගවලින් ඇතිවන ආපදාවන්ට මුහුණ දීම සඳහා ප්‍රතිශක්තිකරණ පද්ධතියක් පිහිටා තිබෙයි.

කිසියම් ආගන්තුක අහිතකර ද්‍රව්‍යයක් ශරීරයට පිවිසියා යැයි දැනගත්වහාම එම ප්‍රතිශක්තිකරණය ඊට එරෙහිව ක්‍රියාත්මක වී  ඒ සමග සටන් කොට ඒවා මර්දනය කරයි. නමුත් එම ප්‍රතිශක්තිකරණ ක්‍රියාදාමයන් හැම සිරුරකම එකම ආකාරයෙන් ක්‍රියාත්මක නොවන අතර පරිසරය හරහා අප අත්දකින අත්විදින අපට හානියක් නොමැති හානියක් නොකරන දෑද  ඇතැම්විට අපට යම් හානියක් ඇතිකරන්නට සමත්වේ යැයි හඳුනාගැනීමක් කළ හොත් ඒවාට පහර දෙයි. 

එවිට අපට ඒ හරහා යම් යම් අපහසුතා මතුකරන්නට පවතින ඉඩ කඩ අනුව ඇතිවන ළකුණු අප අසාත්මිකතා වශයෙන් සලකනු ලබයි.මෙය කිසියම් ආහාරයක් අරබයා සිදු වූ අවස්ථාවක අපට ආහාර අසාත්මිකතා ඇතිවෙයි. සමහරුන්ට පලු මතුවීම වමනය හිසරදය වැනි ලක්ෂණ සමේ ඇතිවන කැසීම් රතු වීම් පැවතිය හැකිය.

පරිසරයේ පවතින මල් පරාග දූවිලි සහ සියුම් දව්‍ය නාසයෙන් ඇතුලු වූ විට නාසයෙන් සොටු ගැලීම මෙන්ම ඇදුම රෝගය වැනි රෝග පීනස ආදී තත්ත්වයන් මතුකරයි. සමහරුන්ට සුවඳ වර්ග මෙන්ම සමහර මල් සුවඳ ආදී දෙයින්ද මෙය සිදුවෙයි. කෘමි සතුන් දෂ්ට කළ විට කැසිම පලු මතුවීම සහ තුවාල ඇතිවීමද අසාත්මිකතා සම්බන්ධයෙන් ඉඟිකරන ලක්ෂණ ලෙස සැලකිය හැකිය.

අපේ රටේ බහුලම අසාත්මිකතාවනුයේ සොටු දියර ගැලීම අධිකව කිවිසුම් යෑම  ට තුඩු දෙන දූවිලි මයිටාවන් පිළිබඳ ගැටලුවයි. මේ දූවිලි මැක්කන් ගෙදර දොරේ බැඳී පවතින සියුම් දූවිලි අතර ජීවත්වී නාස් මාර්ගයෙන් පෙණහලු තුළට ගමන් කිරීම  රෝග ලක්ෂණ උග්‍ර කරමින් මහත් පීඩා ඇතිකරවන්නට සමත්ය. මෙවන් අවස්ථාවලදී වෛද්‍ය උපදෙස් මත ක්‍රියාකිරීමෙන් ඉක්මණ් සහනය සලසා ගත හැකිය.

ඔබේ පවුලේ වෛද්‍යවරයා මේ සඳහා පවතින පරීක්ෂණ ඔබට නිර්දේශ කළ හොත් ඒ සම්බන්ධව  යොමු වෙන්න.  එහිදී ඇතිවී තිබෙන තත්ත්වය සමනය කරගැනීම සඳහා කඩිනම් ප්‍රතිකාර නියම කෙරෙනු ඇත. 

 

 

අසාත්මිකතා නිසා ඔබත් පීඩාවට පත්වෙලාද? සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :
Loading...