හවුල් ගීත එකතුවක් Slipstream Music
( . . ) 2017-07-03 06:00:23
Comments - 0       Views - 898

ඔබ මිතුරන් සමගින් විනෝද සාදයක සිටිනා අවස්ථාවකදී බොහෝ විට ගීතයන් වාදනය කිරීමේ වගකීම පැවරෙන්නේ එක් අයෙකුට වේ. වර්තමානයේදී පහසුම ක්‍රමය වන්නේ ඔහුගේ ස්මාට්ෆෝනයට සම්බන්ධ වූ බ්ලූටූත් ස්පීකරයක් මගින් ඔහුගේ ස්මාට්ෆෝනයේ ගීත පුස්තකාලයේ ඇති ගීත වාදනය කිරීමයි. කෙසේ නමුත් මෙහිදී තවත් අයෙකුට තමන් කැමති ගීතයක් වාදනය කිරීමට අවශ්‍ය වනු ඇත.

එසේම ඔහු කැමති ගීතය ඔහුගේ ස්මාට්ෆෝනයේ තිබුණත්, ගීත වාදනයේ වගකීම දරනා මිතුරාගේ ස්මාට්ෆෝනයේ නැතිනම් තත්වය තවත් ව්‍යාකූල වේ. එවිට අනෙකාගේ ස්මාට්ෆෝනයද බ්ලූටූත් ස්පීකරය සමගින් සම්බන්ධ කොට එම ස්මාට්ෆෝනය හරහා අදාළ ගීතය වාදනය කිරීමට සිදුවනු ඇත. මෙම Slipstream Music යෙදුම මගින් මෙම ගැටළුව සම්පූර්ණයෙන්ම මගහරවා දෙනු ඇත.

මෙහි ප්‍රධානතම ක්‍රියාකාරීත්වය වන්නේ අසල සිටිනා මිතුරන් සියලුම දෙනාගේ ස්මාට්ෆෝන් ‍රැහැන් රහිතව සම්බන්ධ කරමින්, එකිනෙකාගේ සංගීත පුස්තකාලයන් එකිනෙකාට පිරික්සීමට හා පරිශීලනය කිරීමට ඉඩ ලබාදීමයි. දැන් මීලඟට වාදනය කළ යුතු ගීතය සම්බන්ධයෙන් වාද කරනු වෙනුවට වාදනය වන ගීත ලැයිස්තුවට අවශ්‍ය පරිදි ගීත එකතු කිරීමට සියලුම දෙනාට ඉඩ ලැබෙනු ඇත.

මෙයට අමතරව අවශ්‍ය නම් මීලඟට වාදනය විය යුතු ගීතය කුමක්දැයි සිය මනාපය පළ කොට, වැඩිම මනාපය සහිත ගීතය ස්වයංක්‍රීයව වාදන ලැයිස්තුවේ මීලඟ ගීතය ලෙසින් තේරීමටද Slipstream Music යෙදුම හරහා ඉඩ ලැබෙනු ඇත.

ඔබට මීලඟට වාදනය කළ යුතු ගීතය ඔබේ හෝ Slipstream Music හරහා සම්බන්ධ වී සිටිනා මිතුරන්ගේ ගේ ගීත පුස්තකාලයක නැතිනම් එය සොයාගැනීම සඳහාද මෙහි පහසුකම් තිබේ. මෙය SoundCloud සේවාව හා සම්බන්ධ වී සිටිනා අතර, ඔබට SoundCloud හි සැරිසරා පහසුවෙන්ම ඔබට අවශ්‍ය ගීතයක් සොයාගැනීමටද අවකාශ ඇත.

හවුල් ගීත එකතුවක් Slipstream Music සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :