හෙඩ් සෙට්වලින් අධික සද්දය සුදුසු නැහැ
( . . ) 2017-07-01 06:00:22
Comments - 0       Views - 438

සියලුම වයස්වලදී ඇතිවන ශ්‍රවණ ඌණතා අතරින් සියයට පනහක්ම කළින් හඳුනාගැනිමෙන් වැළැක්විය හැකි ඒවාය .එහෙයින් වැදගත්ම සංවේදනයක් වන ඇසීම සම්බන්ධයෙන් මතු විය හැකි ගැටලු කීපයක් සම්බන්ධ ඔබේ අවධානය හොඳින් යොමුකළ යුතුය.  

ක්‍රියාශීලී ඔබ ඇතැම් විට කෙළි සෙල්ලමකදී නැතිනම් කවට කමකදී තවත් කෙනෙකුට සෙල්ලමට හෝ පහරක් එල්ලකරනවා නම් එය කිසිම විටෙක කන දෙසට එල්ල කරන්නට එපා. දරුවෙකුට කිසියම් දඬුවමක් දෙන විටත් බොහෝ දෙනෙකු ඊට යොදා ගන්නේ කන දෙසට පහරක් එල්ල කිරීම වුණත් සෙල්ලම ලෙල්ලම කරමින් හෝ කේන්තිය සදාකාලික දුකක්  හා පසුතැවීමක් බවට පත්කරන කනට ගැසීම හැම විටම දුරස් කළ යුතු පිළිවෙතක් සේ සලකන්න.

මන්ද එයින් කෙනෙකුගේ ශ්‍රවණ හැකියාවට සම්පූර්ණයෙන්ම බලපෑමක් එල්ලකළ හැකි බැවිණි. දැන් අපි සිංදු අහන්න හොඳම වේගය කුමක්දැයි සොයා බලමු. ඇතමුන් අධි වේගය ප්‍රියකරන්නන් වෙන්න පුලුවන්. ශබ්දය දරා සිටිය හැකි වේගයක් අපේ කනට තිබෙන බව වත් ඇතැම් විට ඔබ නොදන්නවා වෙන්නට හැකියි.

අධික ශබ්දයෙන් සංගීතය රසවිඳින්න ගෙදර අයගෙන් බාධාවක් එල්ලවෙනවා නම් ඔබ කරන්නේ ඒ සඳහා හෙඩ් සෙට් එකක් භාවිතා කර තමන්ට පමණක් ඇහෙන සේ අධි ශබ්දයක් ක්‍රියාත්මක කර ගැනීමයි. නමුත් මෙයින් සිදුවන්නේ දැඩි හානියක් එයින් ඔබට ඔබේ කන් ඇසීම නැතිවී යන තත්ත්වයක් ඇතිවෙන්නට පුලුවන්.

අධික ශබ්දය කර්ණ ශංකයේ ඇති ස්නායු සෛල විනාශ කරන නිසා මේ කන් නෑසට මග පාදගන්නේ ඔබම වීම කනගාටුවට කාරණයක්.  ඕනෑම දෙයක් සඳහා පිළිගත් ක්‍රමවේදයක් පවතිනවා. හෙඩ් සෙට් භාවිතකර ඔබ සංගීතය අසනවා නම් හඬේ තීව්‍රතාවය  4 ට අඩුවෙන් තබාගන්න අවශ්‍යයි.

එය ඔබේ ශ්‍රවණයට දරාගත හැකි සීමාව ලෙස වෛද්‍යවරුන් විසින් සහතික කරනවා. නමුත් මීට වඩා තීව්‍රතාවයක් අනුගමනය කරන ඕනෑම අයෙකුගේ කර්ණ ශංඛයේ  ඇති ස්නායු සෛල විනාශ වීම ස්ථීරයි. සාමාන්‍යයෙන් ශබ්දයේ තීව්‍රතාවය මනිනුයේ ඩෙසිබල් වලිනි. ඒ අනුව පරිසරයේ පවතින ශබ්ද පහත දැක්වෙයි.

පුද්ගලික නිවාස - 30-50db
කාර්යාල - 50 -60db
මිනිස් කටහඬ - 60-70db
මාර්ග වාහන ශබ්ද 70- 90db
උස්හඬින් කෑ ගැසීම -90db
බලවේග පේෂකර්ම කම්හල්
ගුවන් යානයක හඬ 110 db
කනට වේදනා ගෙන දෙන ඝෝෂාව  >120db 

මේ සෛල විනාශ වෙන ශබ්ද මට්ටම පුද්ගලයා අනුව වෙනස්වෙයි. බොහෝ අයට  85 dbට වඩා වැඩි ඝෝෂාව නිසා හානි පැමිණේ. මෙය නැවත සකස්කරවන්නට වෙහෙසවනවාට වඩා පරෙස්සම්වීම තුළින් ඔබේ ශ්‍රවණයේ තියුණු බව රැකගන්නට හැකියි.

ඇතැම් අවස්ථාවල ඔබට අධික ශබ්දය ඇති ස්ථානයක් ආශ්‍රිතව රැකියා කරන්නට සිදුවෙන්නට පුලුවන්. එවන් අවස්ථාවක ඔබේ රැකියාව වෙනස් කළ නොහැකි බැවින් ඔබේ ශ්‍රවණ හැකියාව ආරක්ෂා කරගන්න ඔබට යම් කිසි විකල්පයක් අවශ්‍යයි. ඒ සඳහා සාර්ථක ක්‍රමයක් පවතිනවා.  ඒ කන් ආවරණ පැලඳීමයි. ස්නා

නය සම්බන්ධයෙන්ද යම් බලපෑමක් තිබෙන බව ඔබ දන්නවාද?  නමුත් මේ පවසන්නේ පිරිසුදු ජලය ස්නානය සම්බන්ධයෙන් නෙවෙයි. ඇතැමුන් විනෝද චාරිකා ආදියේදී ඇතැම් දියකඩිති . ආදියෙහි බැස ස්නානය කිරීමට කැමැත්තක් දක්වති. නමුත් ඇතැම් ජලය ඔබ නොදන්නා නමුත් ඉතා අපිරිසුදු තත්ත්වයෙන් පැවතිය හැකිය.

ඇතැම් අපද්‍රව්‍යද සමහරුන් විසින් එවන් දියකඩිති වලට හරවන බැවින් දියකඩිත්තකින් ස්නානය කරන්නේ නම් ජලයේ පිරිසුදුභාවය සම්බන්ධයෙන් ඉතාමත් සැලකිළිමත් වෙන්න. අපිරිසුදු ජලයක ස්නානය කිරීමෙන් කණට යම් යම් යම් බැක්ටිරියා වෛරස් ආදියට ඇතුළුවෙන්නට හැකියාව පවතින්නට  ඉඩ තිබෙන බැවින් වඩාත් සැලකිලිමත් වෙන්න.

කණ ඇතුළත කැසිම් සහ සැරව ගැලීම් ඇතිවෙන්නට බොහෝ විට හේතු වෙනුයේ  ආසාදනයන්ය. එම නිසා  ඔබ නොද‍න්නා ඇල දොල දියකඩිති ආදියේ ස්නානය කරන්නට පෙර එය පිරිසුදු ජලය සහිත එකක්දැයි විමසිලිමත් වෙන්න. සාමාන්‍යයෙන් නිසි පුහුණුවක් නැති අයෙකු කිමිදුම් කටයුතු කරන්නට උත්සහ දැරීමේදීද කණට වතුර ඇතුළුවීම අහිතකර අයුරින් ශ්‍රවණයට බලපෑ හැකිය.

මෙවැනි වැරදි සිදුවීමට ඉඩ නොතබා ඔබ සැලකිලිමත් වෙන්නේ නම් ඔබේ ශ්‍රවණයට ඇතිවිය හැකි බලපෑම් නවත්වා ගන්නට පුලුවන. කන හෝ ඇසීම සම්බන්ධ ගැටලුවකදී ඔබ යා යුතු වනුයේ උගුර කන නාසය පිළිබඳ සායනයකට හෝ වෛද්‍යවරයෙකු වෙතයි. එයින් ඔබට ඇතිවි තිබෙන තත්ත්වය නිවැරදිව තක්සේරු කිරීම හා හඳුනාගැනීම සිදුවන බැවින් ඉක්මන් සුවයද නොපමාව ලඟා කර ගත හැකිය.

හෙඩ් සෙට්වලින් අධික සද්දය සුදුසු නැහැ සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :
Loading...