රෝගවලට අතවනන සුපිරි කෑම
( . . ) 2017-06-29 06:00:42
Comments - 0       Views - 540

විදේශයන්ගෙන් අප රටට ගෙනෙන ඕනෑම දෙයක් අගෙයි කියා බාරගන්නට හුරුවී සිටින අපි විදේශ ආහාරවලටත් හුරුව සිටින්නේ සමාජයේ ඉහළ පෙළැන්තියේ අය අනුගමනය කරන ආහාර රටාවල වටිනාකම්ද එක් කරමිණි. එලෙස සමාජ තත්ත්වය පෙන්නුම් කිරීමට එක්කරගත්  ආහාරයක් ලෙස බර්ගර් හඳුන්වාදිය හැකිය.  

මේ නිසාම නගරය ආශ්‍රිත බර්ගර් අවන්හල් හතු පිපපෙන්නාක් මෙන්  ඉදිවෙමින් පවතී. සති අන්තයේ බර්ගර් කඩවලට පවුල්පිටින් ගොඩ වෙන්නත්  විශේෂ අවස්ථාවලදී  බර්ගර් මිලදී ගෙන ආහාරවේලට එකතුකර ගන්නත් මේ වන විට බොහෝ දෙනෙක් හුරුවී අවසන්ය.

පාන් පිටිවලින් සාදනු ලබන බනිස් නැතිනම් බන් එකක් මැදට තක්කාලි පෙත්තක්, සළාද කොළයක්, ලූණු පෙත්තක්, චීස් පෙත්තක් සමග ගැඹුරු තෙලේ බැදගත් මස් හෝ මස් අඹරා සෑදූ මස් පෙත්තක් තබා සැකසූ බර්ගර් මේවන විට මෙරට පුද්ගලයන්ගේ පෝෂණය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් ඇතිකරමින් සිටියි. ඒ අතර බෝ නොවෙන රෝග ඉදිරියෙන්ම පවතියි.

බටහිර ආහාර රටාවන්හි ජනප්‍රිය බර්ගර් අපේ ආහාරයට නුසුදුසු වෙන්නේ කෙසේදැයි  බර්ගර් ආහාරයට ගැනීමට පෙර සොයාබැලීම වටී. බටහිර රටවල වෙසෙන පුද්ගලයන්ගේ දේහ ලක්ෂණ ගැන සැලකිලිමත් වුවහොත් ඔවුන් ආසියාකරයේ වෙසෙන පුද්ගලයන්ට වඩා උසින් මහතින් වැඩි බව පෙනේ.  

එසේම කාලගුණික හා දේශගුණික වශයෙන්ද  පෙරදිග හා අපර දිග රටවල් වෙනස් වෙයි.  ඒ නිසා ඒ ඒ දේශගුණයන්ට සුදුසුවෙන අයුරින් ස්වභාව ධර්මයෙන්ම ආහාරයට ගැනීමට සුදුසු දෑ හට ගනී. නමුත් වර්ථමානය වන විට ගෝලියකරණය හමුවේ රට රටවල් අතර වෙළඳම මගින්  ඒ ඒ රටවල් වලට ආවේනික නොවන ආහාරද  ආහාරයට ගැනීමට හැකිවන අයුරින්  වෙළඳ පොලට එක් වී ඇත.

කෙසේ නමුත් ඒ ඒ දේශගුණයට අනුව  ස්වභාව ධර්මයෙන් ලැබෙන ආහාර  ඒ ඒ ප්‍රෙදේශවල පුද්ගලයන්ගේ ආහාරවලට සුදුසු වන බවද මතක තබා ගත යුතුයි. බර්ගර් සෑදීමට ගන්නා පාන් අපේ රටට ආවේණික දෙයක් නොවන සේම ඒවායේ ගුණාත්මක භාවය පිළිබඳ ගැටලුවක් පවතී.  විදේශයන්හි මේ සඳහා නිඩුඩ්ඩ සහිත තිරිඟු පිටි  භාවිත කලද  අපේ රටේ භාවිතවෙන්නේ  තන්තු අඩු තිරිඟු පිටි වේ.

එමෙන්ම මෙයට එක් කරන මස් වර්ග බොහෝ විට අඹරාගත් මස්වලින් සැකසූ මස් පේත්තක් වෙයි. එම මස් පෙත්තේ අඩංගුවන මස් ඇතැම් විට ආහාරයට ගත නොහැකි කොටස්වලින් යුක්තවන බව ඔබ නොදන්නවා විය හැකිය. එලෙසම මෙම මස් පෙත්ත සෑදීමේදී එයට රස කාරක කල්තබාගන්නා ද්‍රව්‍ය අඩු වැඩි වශයෙන් එක්කරන බව ද අමතක නොකල යුතුය.

බර්ගර් එකක් තුළ පවතින සලාද කොළ , තක්කාලි අමුවේන් ආහාරයට එකතුවෙයි. සලාද කොළ වගාකරන්නේ  කෟෂි රසයන බහුල පරිසරයක බවත් තක්කාලිද එවැනි පරිසරයක් තුළ වගා කෙරෙන බවත් සිහියේ තබාගැනීම  උචිතය. බර්ගර් මිලදී ගැනීමේදී බර්ගර් එකක් සමග බැදපු අල පෙති  හා පැණි බීම වීදුරුවක් ද ලැබෙන පැකේජ හඳුන්වා දී තිබේ.

මෙම සියල්ලේම වැඩි වශයෙන් අඩංගු වන්නේ කැලරිය  එනම් ශක්තියයි. පෝෂ්‍යදාහී ආහාරවේලක ශක්තිජනක ආහාර වර්ධක ආහාර හා ආරක්ෂිත ආහාර ඇතුළත් විය යුතුය. නමුත් බර්ගර් ආහාරයට ගැනීමෙන් ශක්තිජනක ආහාර පමණක් ලැබෙන අතර වර්ධක ආහාර ලෙස මස් එකතුවුවත් ඒවා බොහෝ විට ගැඹුරු තෙලින් බැදගත් ඒවා  වෙයි.

මේ නිසා ශරීරයට අධික ලෙස  කැලරි හා මේදය  එකතු වී බෝ නෙවෙන රෝග දියවැඩියාව  කොලෙස්ටරෝල්  අධි රුධිර පීඩනය හෘදයාබාධ වැනි තත්ත්වයන් මතුකරන්නට වැඩි ඉඩක් පවතියි. වර්ථමානයේ අප රටේ කුඩා දරුවන් අතර මන්ද පෝෂණය මෙන්ම අධි පෝෂණ තත්ත්වයක්ද මතුවී තිබේ.  

අධි පෝෂණ තත්ත්වය ඇතිවීමට බර්ගර් වැනි අධික ශක්තිය පමණක්  අඩංගු ආහාර හේතු වී තිබේ. දිගින් දිගටම මෙවැනි  ආහාර ශරිරයට එක් කර ගැනීම මගින් වර්ධක පෝෂක හා විටමින් ඛනිජ ලබණ වැනි ආරක්ෂක පෝෂණද අහිමි වී ගොස් පෝෂණ ඌණතා  ඇතිවීමට ඉඩක් පවතී. 

තරුණ තරුණියන් අතර  මෙන්ම ළමුන් අතරත් ජනප්‍රියම  ආහාරයක් වන පිට්සා සමහර විට ඔවුන්ගේ ප්‍රධාන ආහාරයක් විය හැකිය. නැතිනම් එය අමතර කෙටි කෑමක වනු නොඅනුමානය. මෙයද පිටි ආශ්‍රිතව සකස් කළ  ආහාරයක් මෙන්ම මේ සඳහා යොදාගනු ලබන්නේ හොඳින් පිරිපහදු කළ තිරිඟු පිටි නිසාම  එහි අන්තර්ගත තන්තු විටමින්  සහ ඛනිජ ලවණ ප්‍රමාණය අල්පය පිට්සා පිළියෙල කිරීමේදී  එයට මස්, චීස් ඉතාම අල්ප වශයෙන් එළවලු  ස්වල්පයක්ද එක්කරයි.

තිරිඟු පිටි මෙන්ම මේදය මගින්  වැඩි ශක්ති ප්‍රමාණයක්  ශරීරයට එක් වෙයි. බත් අඬු කෝප්පයක් සමග පිට්සා කෑල්ලක් සලකා බැලීමේදී වැඩි ශක්ති ප්‍රමාණයක්  පිට්සා කෑල්ල ආහාරයට ගැනීමෙන්  ලැබේ. මීට බලපාන  ප්‍රධානතම හේතුව නම්  අධික චීස් ප්‍රමාණයක්  එහි අන්තර්ගතවීමයි. මෙයට අමතරව  මේදය මගින්ද  ,මස් නිසාද ශරීරගත වෙන  සංතෘප්ත මේද ප්‍රමාණය  ඉහළ යයි.  

එනිසාම රුධිරගත  කොලෙස්ටරෝල්  මට්ටම ඉහළ යාමත්  හෘදයාබාධ  තත්ත්වයන්  ඇතිවීම කෙරෙහිත්  වැඩි අවදානමක් පවතී. එලෙසින්ම අධික ශක්ති ප්‍රමාණයක්  නිරන්තරයෙන් ආහාරයට ගැනීමෙන්  තරබාරු බව මෙන්ම  ස්ථූලතාවය ඇතිවීම කෙරෙහිද  වැඩි නැඹුරුතාවයක් පවතී මෙකී ආහාරයේ අධික ලුණු ප්‍රමාණයක් අන්තර්ගතවීම නිසා අධි රුධිර පීඩනයට සඳහා ඔබගේ අවදානම වැඩි කරයි.

රෝගවලට අතවනන සුපිරි කෑම සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :