ලක්ෂ 20ක් වටිනා හෂීෂ් තොගයක් අත්අඩංගුවට
( සජිත් ගයාන් ) 2017-06-19 21:55:04
Comments - 0       Views - 151

රුපියල් ලක්ෂ විස්සක් පමණ වටිනා මත්ද්‍රව්‍ය තොගයක් යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෝ දෙදෙනෙක් අද (19දා) කොළඹ ඉඟුරුකඩේ මංසන්ධියේදී  පෑලියගොඩ පොලීසියේ හා නාවික නිලධාරීන් පිරිසක් එක්ව කළ වැටලීමකදී අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

මෙම වැටලීමේදී සැකකරුවන් සන්තකයේ තිබූ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3 ක්  අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව සඳහන් කරයි.

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරක් මත මෙම වැටලීම සිදු කර මත්ද්‍රව්‍ය තොගය හා සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන්, යතුරු පැදිය සහ මත්ද්‍රව්‍ය තොගය නාවික හමුදාව විසින්  පෑලියගොඩ පොලීසිය වෙත භාරදීමට කටයුතු කරනු ලැබ ඇත. ‍

ලක්ෂ 20ක් වටිනා හෂීෂ් තොගයක් අත්අඩංගුවට සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :
Loading...