ඩඩ්ලි සේනානායක 106 වැනි ජන්ම දින සැමරුම
( ඉසුරු පෙරේරා ) 2017-06-19 19:14:50
Comments - 0       Views - 387

නිදහස් ශ්‍රී ලංකාවේ සිව්වරක් අග්‍රාමාත්‍ය ධුරයට පත්  ඩඩ්ලි සේනානායක මහතාගේ 106 වන ජන්මදින සැමරුම් උත්සවය  අද (19දා) දින බොරැල්ල ඩී.එස්.සේනානායක මංසන්ධිය අසල පිහිටි එතුමාගේ පිළිරුව අභියසදී පැවැත්විණි.

 කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උලෙළේදී ඩඩ්ලි සේනානායක පදනමේ සභාපතිකරුණාසේන කොඩිතුවක්කු හා කොළඹ මහනගර සභාවේ හිටපු උපනගරාධිපති ටයිටස් පෙරේරා මහත්වරුන් විසින් එම පිළිරුවට මල්මාලාපැලඳවීම සිදු කෙරුණි.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන,විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානානයක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන, දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහත්වරු හා සේනානායක පවුලේ ඥාතීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

AID_0374 AID_0383 AID_0385 AID_0387 AID_0394 AID_0413 AID_0431 AID_0434 AID_0438 AID_0445 AID_0447 AID_0449 AID_0457 AID_0463 AID_0468 AID_0474 AID_0478 AID_0481

 

ඩඩ්ලි සේනානායක 106 වැනි ජන්ම දින සැමරුම සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :