සීගිරියේ අනතුරින් දෙදෙනෙකු ජීවිතක්ෂයට
( සජිත් ගයාන් ) 2017-06-19 18:31:58
Comments - 0       Views - 238

සීගිරිය පොලිස් වසමට අයත් හබරණ දඹුල්ල ප්‍රධාන මාර්ගයේ අවුඩුගන්ගාව ප්‍රදේශයේදී අද (19දා) ලොරි රථයක් හා යතුරුපැදියක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇතැයි සීගිරිය පොලීසිය පවසයි.

අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදියේ ගමන්ගත් පුද්ගලයන් දෙදෙනා බරපතළ තුවාල ලබා හබරණ රෝහලට ඇතුළත් කිරීමේන් පසු මියගොස් තිබේ.

අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 20ක්වූ අරලියගම, දඹුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි අකිල සමන් නමැති තරුණයෙකු හා 22 වියේ පසුවන කූඹියන්ගොඩ, මාතලේ පදිංචි තාරක ධනංජය නමැති තරුණයෙකි.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, සිදුවීම සම්බන්ධයෙන් සීගිරිය පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.

සීගිරියේ අනතුරින් දෙදෙනෙකු ජීවිතක්ෂයට සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :