වකුගඩු රෝගය වැලඳුණු ලක්ෂ තුනක් ලංකාවේ
( ඉන්දික හේවාවිතාරණ ) 2017-06-19 17:48:21
Comments - 0       Views - 330

ග්ලයිෆෝසේට් වැනි වල්නාශක කෘෂිරසායන හේතුවෙන් වකුගඩු රෝගය වැලඳුණු පුද්ගලයන් ලක්ෂ 03කට වැඩි පිරිසක් රට තුළ සිටින බව පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ අවධාරණය කළහ.

මෙම පිරිසෙන් ලක්ෂයකට වැඩි පිරිසගේ රෝගය හඳුනා ගෙන තිබෙන බවත්, එහෙත් ලක්ෂ 02කට වැඩි පිරිසකගේ රෝගය හඳුනා ගෙන නොමැති බවද උන්වහන්සේ පවසා සිටියහ.

එසේ තිබියදී තහනමට ලක්කර තිබෙන ග්ලයිෆෝසේට් වල්නාශක නැවත රට තුළට රැගෙන ඒමට වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය දැඩි උත්සාහයක් ගන්නා බවද අද (19දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී රතන හිමියෝ අවධාරණය කළහ. 

වකුගඩු රෝගය වැලඳුණු ලක්ෂ තුනක් ලංකාවේ සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :