පැජරෝ වලින් ඇවිත් කසළ බැහැර කළ අය වීඩියෝ කරයි
( අම්ත් මධුරංග ) 2017-06-19 16:48:10
Comments - 0       Views - 353

හමුදාවේ සහය ලබාගනු ලැබූයෙ වර්ගීකරනයකට ලක්නොකල කසල බැහැර කරන  පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සදහාත්, නිරීක්ෂන කටයුතු සදහාත් පමණක් බවත්, කසල ඉවත් කිරීමේ කටයුතුවලට හමුදාවේ සහය ලබා නොගත් බවත් කොළඹ නාගරික කොමසාරිස් වී.ඒ.කේ.අනුර මහතා පැවසීය.

වර්ගීකරනයට ලක්නොකල කසල පැජරෝ, ත්‍රීරෝද රථ, මෝටර් රථ ඇතුලු වාහනවලින් මහමග ගෙනවිත් දමන පුද්ගලයන් වීඩියෝ හා ඡායාරූප ගතකර ඇති බවත්, ඉදිරියේදී ඔවුන්ගේ හෙළිදරව් කරන බවත් කොමසාරිස්වරයා කීවේය.

කොළඹ නගර සභා පරිශ්‍රෙය් පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේ අද දිනයෙදී පමණක් 17දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බවයි.

 

 

 

පැජරෝ වලින් ඇවිත් කසළ බැහැර කළ අය වීඩියෝ කරයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :