පියාඹන මාළුවා සුදු මෝරෙකු සමගින් තරග වදියි
( ඔෂිත වරකපිටිය ) 2017-06-19 16:20:39
Comments - 0       Views - 386

ලොව මෙතෙක් බිහි වූ දක්ෂතම පිහිනුම්කරුවා වූ ඇමරිකාවේ මයිකල් ෆෙල්ප්ස් සිය ක්‍රීඩා ජීවිතයේ නවමු අත්දැකීමකට සැරසෙයි.

ඒ සාගරයේ වෙසෙන වේගවත්ම මාළුවෙකු ලෙස සැලකෙන සුදු මෝරෙකු සමගින්  තරගයට  පිහිනීමටය. 31 හැවිරිදි මයිකල් ෆෙල්ප්ස් මෙම එළඹෙන ජුනි මාසයේදි මෙම අත්දැකීම විඳිනු ලබන්නේ  රූපවාහිනි වැඩසටහනක් වෙනුවෙනි.

ඔලිම්පික් ඉතිිහාසයේ බිහිවූ විශිෂ්ඨතම තරගකරුවෙකු වන මයිකල් ෆෙල්ප්ස් මේ දක්වා ඔලිම්පික් ඉතිහාසයේ වැඩිම පදක්කම් සංඛ්‍යාව හිමිකර ගෙන ඇත්තේ පදක්කම් 23 ක් දක්වා සිය පදක්කම් සංඛ්‍යාව වර්ධනය කරගනිමිනි. හෙතෙම පියාඹන මාළුවාා යන අනවර්ත නාමයෙන්ද හඳුන්වයි.

පියාඹන මාළුවා සුදු මෝරෙකු සමගින් තරග වදියි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :