X
ප්‍රංශ මහ මැතිවරණයේ ජය මැක්රෝන්ගේ සන්ධානයට
( නරේන් විශ්වජිත් ) 2017-06-19 11:00:59
Comments - 0       Views - 231

ප්‍රංශ මහ මැතිවණයෙන් පැහැදිලි බහුතරයක් සහිතව දෙවැනි වටයේ ඡන්ද විමසීමෙන්ද ජයග්‍රහනය කිරීමට ජනපති එමානුවෙල් මැක්රෝන්ගේ පක්ෂය සමත් වෙයි.

සමස්ත ඡන්ද ගණන් කිරීම අවසන් වෙමින් තිබියදී ජනපතිවරයාගේ ලා රිපබ්ලීක් එන් මාර්ෂේ සහ ඔවුන්ට සහාය දැක්වූ මෝඩෙම් පක්ෂය පාර්ලිමේන්තුවේ 577ක් වූ සියලු ආසනවලින් ආසන 300කට වඩා හිමි කරගෙන තිබුණි.

කෙසේ වෙතත්, මීට පෙර බලාපොරොත්තු තබා තිබූ ප්‍රමාණයට වඩා ඔහු ජයග්‍රහණය කරන ආසන සංඛ්‍යාවේ අඩුවීමක් දක්නට ලැබෙන බවද දේශපාලන විචාරකයෝ පවසති.

කෙසේ වෙතත්, මීට වසරකට පෙර නිර්මාණය වූ පක්ෂයක්ද, එහි අපේක්ෂකයන් අඩකට වැඩි පිරිසකට දේශපාලන අත්දැකීම් අඩුවෙන් හෝ නොමැතිම අය වීමද තුළ මෙවැනි ජයග්‍රහණයක් ලැබීම සුවිශේෂී බවද ඔවුහු පවසති.

ඒ අනුව, මෙම ප්‍රතිඵල අනුව ප්‍රංශයේ සියලු ප්‍රධාන දහරාවේ දේශපාලඥයන් හා ඔවුන්ගේ පක්ෂ අතුගා දමමින් 39 හැවිරිදි ජනාධිපතිවරයාට ඔහුගේ න්‍යාය පත්‍රය අනුව කටයුතු කිරීමට ජනතා වරම් හිමි වී තිබේ.

ප්‍රංශ මහ මැතිවරණයේ ජය මැක්රෝන්ගේ සන්ධානයට සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :