X
ඉන්දියාව පරදා පාකිස්තානුවෝ ශූරයන්ගේ කුසලානය දිනති
( . . ) 2017-06-18 21:20:40
Comments - 0       Views - 1444

(UPDATE) ශූරයන්ගෙු කුසලානයේ වත්මන් හිමිකරුවන් වූ ඉන්දීය කණ්ඩායම පරාජය කරමින් 2017 වසරේ ශූරයන්ගේ කුසලාන එක්දින ක්‍රිකට් ශූරතාව හිමිකර ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත්විය. පාකිස්තන කණ්ඩායමක් ශූරයන්ගේ කුසලානය ජයගත් පළමු අවස්ථාව මෙය වෙයි. පාකිස්තාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදෙමින් ලකුණු 338ක් රැස්කරගත් අතර එයට පිළිතුරු ලෙස ඉන්දීය කණ්ඩායමට රැස්කළ හැකිවූයේ ලකුණු  158 පමණි. ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ඉහළම ලකුණු ප්‍රමාණයක් රැස්කළ පිතිකරු වූයේ හර්දික් පාණ්ඩ්‍යාය. ඔහු ලකුණු 76ක් රැස්කළේ පන්දු 43කිනි. ඔහු සිය අර්ධ ශතකය පන්දු 38කින් වාර්තා කළ අතර අයි.සී.සී. ලෝක ඉසව්වකදී අවසන් මහ තරගයකදී වාර්තා වූ වේගවත්ම අර්ධ ශතකයද විය.

Pakistan v India - ICC Champions Trophy - Final - The Oval India v Pakistan - ICC Champions Trophy Final India v Pakistan - ICC Champions Trophy Final CRICKET-CT-2017-IND-PAK CRICKET-CT-2017-IND-PAK CRICKET-CT-2017-IND-PAK India v Pakistan - ICC Champions Trophy Final India v Pakistan - ICC Champions Trophy Final India v Pakistan - ICC Champions Trophy Final India v Pakistan - ICC Champions Trophy Final CRICKET-CT-2017-IND-PAK India v Pakistan - ICC Champions Trophy Final Pakistan v India - ICC Champions Trophy - Final - The Oval 264624 copy

 


ඉන්දියාව අසීරු තත්ත්වයක 

පාකිස්තාන කණ්ඩායමෙන් එල්ල වු ලකුණු 339ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන ඉන්දීය කණ්ඩායම පන්දුවාර 17ක් අවසානයේදී කඩුලු 6 ට ලකුණු 72ක් රැස්කරගෙන ඉතාමත් අසීරු තත්ත්වයක පසුවෙයි. හර්දික් පාණ්ඩ්‍යා හා රවීන්ද්‍ර ජඩේජා පිටියේ රැඳී සිටිති.

දැවී ගිය ක්‍රීඩකයන්

රෝහිත් ෂර්මා 0

ශිකර් ධවාන් 21

විරාත් කෝලි 5

යුවරාජ් සිං 22

මහෙන්ද්‍ර සිං දෝනි 4

කේඩාර් ජාඩෙව් 9

කඩුලු දවාගත් ක්‍රීඩකයන්

මොහොමඩ් අමිර් 03

හසන් අලී 01

ශාඩබ් ඛාන්  03


ඉන්දියාවට ලකුණු 339ක ඉලක්කයක්

ශූරයන්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ පළමුවෙන්ම පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළදී කඩුලු 4 ලකුණු 338 රැස්කළේය. ඒ අනුව තරගයේ ජයග්‍රහණය සඳහා ඉන්දීය කණ්ඩායමට ලකුණු 339 ජයග්‍රාහී ඉලක්කයක් හිමිවිය. ශූරයන්ගේ කුසලානයේ වත්මන් හිමිකරුවන් වන්නේ ඉන්දීය කණ්ඩායමයි.

පාකිස්තාන ඉනිමට සාර්ථක ආරම්භයක් ලබාදීමට අසාර් අලී හා ෆක්හාර් සැමන් සමත්වූහ. එම ආරම්භය බාබර් අසාම්, මොහොමඩ් හෆිස් යන පිතිකරුවෝ ඉදිරියට රැගෙන යමින් පාකිස්තාන ඉනිම ඉහළ ලකුණු සංඛ්‍යාවකට රැගෙන ගියහ. පාකිස්තානය රැස්කළ ලකුණු සංඛ්‍යාව දෙරට අතර පැවැත්වෙන එක්දින තරගයකදී පළමුවෙන්ම පන්දුවට පහරදුන් කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛාවද වෙයි. ඉමාඩ් වසීම් හා මොහොමඩ් හෆීස් පස්වැනි කඩුල්ල සඳහා පන්දුවාර 7.3කදී නොබිදුණු ලකුණු 71ක සබඳතාවක් ගොඩනැංවූහ.

01 02

 


ෆක්හාර් මංගල ශතකය ලබයි

සිය ඒක්දින දිවියේ මංගල ශතකය වාර්තා කිරීමට ෆක්හාර් සමන් සමත්විය. ඒ ශූරයන්ගේ කුසලාන එක්දින තරගාවලියේ  ඉන්දිය කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන අවසන් මහ තරගයේදීය. ෆක්හාර සිය ජාත්‍යන්තර එක්දින දිවිය ශූරයන්ගේ කුසලාන තරගාවලියෙන් ආරම්භ කළ අතර අද ඔහු ක්‍රීඩා කරන්නේ සිව්වැනි එක්දින තරගයයි. ඔහු සිය දෙවැනි හා තෙවැනි එක්දින තරගවලදී අර්ධ ශතක රැස්කිරීමටද සමත්විය.


පාකිස්තානයේ සාර්ථක සබඳතාව දුවද්දී දැවීයාමකින් නිමවෙයි

ශූරයන්ගේ කුසලාන එක්දින තරගාවලියේ පාකිස්තාන කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන අවසන් මහ තරගයේ පළමුව පන්දුවට පහරදෙමින් සිටින පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 23කදී එක් කඩුල්ලකට ලකුණු 128ක් රැස්කරගෙන සිටියි.

අසාර් අලී හා ෆක්හාර් සමන් පළමු කඩුල්ල සඳහා පන්දුවාර 22.5කදී සාර්ථක ලකුණු 128ක සබඳවක් ගොඩනැගූ අතර එහි අවසන් පන්දුවේදී අවාසනාවන්ත ලෙස අසාර් අලී දුවද්දී දැවී යාමකට හසුවිය. අලී ලකුණු 59ක් රැස්කළේය. ෆක්හාර් ලකුණු56. නව ක්‍රීඩකයා බාබර් අසාම්.

 


තීරණාත්මක තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට 

ශූරයන්ගේ කුසලාන එක්දින තරගාවලියේ අවසන් මහ තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායමේ නායක විරාත් කෝලි මුලින්ම පන්දු රැකීමට තීරණය කළේය. ශූරයන්ගේ කුසලාන එක්දින තරගාවලියේ පසුගිය අවසන් මහ තරග හයේදී අවස්ථා පහකදීම ශූරතාව ජයගෙන ඇත්තේ දෙවැනියට පන්දුවට පහරදුන් කණ්ඩායමය.

ඉන්දියාව පරදා පාකිස්තානුවෝ ශූරයන්ගේ කුසලානය දිනති සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :