X
තිත්ත කරවිලවල ඇති ගුණය පිළිබඳ කරුණු 07ක් මෙන්න
( . . ) 2017-06-15 14:05:05
Comments - 0       Views - 2647

කරවිල කියන්නේ අපි එතරම් කන්නට කැමති කෑමක් නම් නෙවෙයි. ඒ එයින් එන තිත්ත රසය නිසා. ඒත් පෝෂණ ගුණය අතින් ගත්තොත් එහි ගුණයට සම කිරීමට වෙනත් යමක් නැති තරම්. රසය කෙසේවෙතත් කරවිලවල ඇති ගුණය පිළිබඳව අපි සොයා බලමු.

01) දිය වැඩියාවට හා අධික තරබාරුව ඇතිවීම පාලනය කරයි

නවතම පර්යේෂණවලින් කියවෙන ආකාරයට කරවිලවලින් දියවැඩියාව පාලනය කිරීමේ හැකියාවක් ඇති බව සොයාගෙන තිබෙනවා. එමෙන්ම සිරුරේ පරිවෘත්තීය ක්‍රියා නිසි අයුරින් සිදුකිරීමටත්, සිරුරට අනවශ්‍ය සීනි ප්‍රමාණයන් ඉවත් කිරීමටත් කරවිල ආහාරයට ගැනීම මහඟු මෙහෙයක් වනවා.

අප ලබාගන්නා කාබෝහයිඩ්රේට සිරුරට උරාගන්නා සීනි සහ එහි අතිරික්තය ශරීරයෙන් බැහැර කර දැමීම කරවිල ආහාරයට ගැනීමේදී සිදුවෙනවා. මේ හේතූන් නිසාවෙන් සිරුර තුළ පිෂ්ඨය තැන්පත්වී මෙන් ඇතිවිය හැකි තරබාරු තත්ත්වයන් කරවිල ආහාරයට එකතු කරගැනීම නිසා නැති කරගන්නට පුළුවන්.

02) වකුගඩුවල ගල් ඇතිවීම වළකයි

වකුගඩුවල ගල් ඇතිවීම වළක්වාලීමට කරවිල දිවඔසුවක් ලෙස සැලකෙනවා.

ආහාරයක් ලෙස කරවිල ලබාගත්තත් එය ඖෂධයක් ලෙසින් සිරුරට එක්කාසු වීම වේගවත් කරන නිසා අපට වෙනත් ඖෂධ වර්ග ලබාගැනීමෙන් තොරව මෙම රෝගී තත්ත්වයෙන් අත්මිදීමේ හැකියාව ලැබෙනවා.

03) සිරුරේ කොලෙස්ටරෝල් තත්ත්වය පාලනය කරයි

අවධිමත් ආහාර රටාව මගින් ඇතිවන කොලෙස්ටරෝල් මට්ටම ඉහළ පහළ යාම වළක්වා එය පාලනය කිරීමේ හැකියාව කරවිල සතු වෙනවා.

හෘද රෝග, රුධිර නාලවල ලේ කැටගැසී රුධිර නාල අවහිර වීම වැනි අවදානම් රෝගවලින් වැළකී සිටීමේ හැකියාව ලැබෙනවා.

04) පිළිකා සෛල ඇතිවීම මැඩ පවත්වයි

කරවිල පිළිකා වර්ධන මැඬ පැවැත්වීමේ ඖෂධයක් ලෙස ද හඳුන්වන්න පුළුවන්. අග්න්‍යාශ ආශ්‍රිත පිළිකා සෛල වර්ධනය වීම මැඬ පවත්වන්නට සමත්කම් දැක්වීම නිසා.

මීට අමතරව කරවිල ආහාරයට එක්කාසු කර ගැනීම මගින් පුරස්ථ ග්‍රන්ථි, මහාබඩවැල, අක්මාව සහ පියයුරු ආශ්‍රිතව පිළිකා සෛල ඇතිවීමද වැළැක්වෙන බවට වෛද්‍යවරුන් මත පළකර සිටිනවා.

05) ලේ පිරිසුදු කර සම පැහැපත්කිරීම සිදුකරයි

කරවිල ආහාරයට ගැනීමෙන් රුධිරයේ ඇති අපද්‍රව්‍ය ඉවත් කිරීම සිදුවෙනවා, සිරුර සෞඛ්‍යවත් වීමට නම් සියලු සෛල තුළට පිරිසුදු රුධිය ගමන් කළ යුතුයි. පිරිසිදු රුධිරය සිරුර පුරා සංසරණය වන විට සම පැහැපත් වීම නිරතුරුවම සිදුවේ.

එසේ සම පැහැපත් වීම (සෞඛ්‍යමත් වීම) නිසා සමට වැළ‍ෙඳන නොයෙක් ඉස්හොරි, කුරුලෑ, ලප කැළැල්, පොතුකබර රෝගී තත්ත්වයන්, පණුරෝග ආදිය සෑදීම සිදුවන්නේ නැහැ. 

06) විටමින්වලින් අනූන නිසා ඔබව නිරෝගී කරවයි

විටමින් සපිරි මෙම ආහාරය, සිරුර තුළ රුධිරය අලුතින් නිපදවන්නට සහ අස්ථි ශක්තිමත් කරන්නට උපයෝගී වෙනවා. ආමාශයේ දැවිල්ල සහ ඉන් ඇතිවන තුවාල සුවපත් කිරීම සඳහාත් මෙය කදිම ඔසුවක්.

ක්‍රීඩාශීලී පුද්ගලයින්ට ඇතිවන මාංශ පේශී ඉරීයාම් සහ ඒවායේ ඇතිවන වේදනාවන් අඩු කරන්න ටද කරවිලවලින් සහායක් ලැබෙනවා. කරවිල වැඩි ප්‍රමාණයක් ආහාරයට ගැනීමෙන් සිරුරේ විටමින් මට්ටම ඉහළින් තබාගෙන සිරුර නිරෝගී කරගන්න හැකියාව ලැබෙනවා.

07) ප්‍රතිශක්තිය වඩවන ආහාරයක්

අපට ශක්තිමත් ප්‍රතිශක්තීකරණයක් තිබීමෙන් අහිතකර බැක්ටීරියාවන්ගෙන් සහ රෝගීතත්ත්වයන්ගෙන් මිදීමේ හැකියාවක් ලැබෙනවා.

කරවිල ආහාරයට ගැනීමෙන් සෙම්ප්‍රතිශ්‍යාව, වෛරස් රෝග, උණ රෝගය ආදියෙන් වැළකී සිටින්නට පුළුවන්ත. තවද ආහාර ජීර්ණය සඳහාත් කරවිල ලබාදෙන්නේ මහත් වූ සහයක්.

දිනිත් කණිෂ්ක

තිත්ත කරවිලවල ඇති ගුණය පිළිබඳ කරුණු 07ක් මෙන්න සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :