කාන්තාරයේ වැලි කඳුවල සැඟව සටන් වදින ඉරාන නින්ජා සෙබළියෝ
( නදීශානි පතිරණ ) 2017-06-16 06:00:14
Comments - 1       Views - 1069

ඉරාන වැලිකතරේ වැලි කඳු තරණය කරමින් ඒවා මත සිට එක්වරම සතුරන් දෙසට පැන සටනේ යෙදෙන්නට පුහුණුව ලබන සෙබළියන් 4000කින් යුතු විශේෂ බළ ඇණියක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා පළකර තිබේ. නින්ජා බළ ඇණියක් ලෙස පුහුණුව ලබන මොවුන් සැඟව සිට සතුරන් දෙසට විත් ශබ්ද නොනගින අයුරෙන් සතුරාගේ ගෙල සිඳ දැමීමට තරම් වූ සුවිශේෂී පුහුණුවකින් යුතු බවට පැවසේ.

1989 වර්ෂයේ ඉරානයේ ටෙහෙරාන් නුවරට සැතපුම් 25ක් දුරින් පිහිටි ජුග්හින් කඳවුරේ මෙම භට කණ්ඩායම ප්‍රථමයෙන් පිහිටුවා ඇත.මොවුන් හඳුන්වන්නේ කුනොයිචි kunoichi යන නාමයෙනි.

මොවුන්ගේ පුහුණු උපදේශිකාව වන ෆාතිමා මවුමර් පවසා සිටින්නේ මෙම සෙබළියන්ගේ ශරීරය හා මනස සමබර කරගනිමින් මෙම සටන්කලාව ප්‍රගුණ කිරීම සිදුකෙරෙන බවයි. එසේම ඔවුන්ට පුහුණුකරන ප්‍රධාන ඉගැන්වීම වන්නේ මානුෂවාදීව කටයුතු කිරීම වන බවත් ඇය විෙදස් මාධ්‍යට සඳහන් කළාය.

ප්‍රථමයෙන් තමන්ගේ ජීවිතයට ගරු කිරීමටත් සන්සුන් මනසින් කටයුතු කිරීමටත් ඔවුන්ව පුහුණු කෙරේ. මොවුනට ඉතා අනතුරුදායක අවි කිහිපයක්ම භාවිතයට ගනිමින් සටන් කරන ආකාරය පුහුණු කෙරේ.

මේ වනවිට මෙම නින්ජා බළ ඇණියේ ඉරාන සෙබළියන් 24000ක් පමණ සිටින බවට වාර්තා වේ. මෙම නින්ජා සටන් ක්‍රම 1185 හා 1868 වර්ෂවල ජපන් යුද සමයේ භාවිත කර ඇති අතර, ෆාතිමා මවුමර් වැඩිදුරටත් පවසන්නේ තම සෙබළියන් සිවිල් ජීවිතයේදී තවකෙකුගේ පණ නැසීමට මෙම සටන් ක්‍රම භාවිතයට ගැනීමට නොපෙළඹෙන මට්ටමට ඉතා හොඳ විනයක් පුහුණුව තුළ ලබා ඇති බවයි.

4120E8EA00000578-0-image-m-87_1496679844315 4120E8F400000578-0-image-m-88_1496679872139 4120E8FC00000578-0-image-m-90_1496679927890 4120E82C00000578-0-image-m-70_1496679530840  4120E93A00000578-0-image-m-101_1496680254235 4120E99B00000578-0-image-m-75_1496679682758 4120E82800000578-0-image-m-71_1496679549717 4120E84400000578-0-image-m-78_1496679748762 4120E85100000578-0-image-m-73_1496679603877 4120E90400000578-0-image-m-93_1496680070039 4120E90800000578-0-image-m-120_1496681103981 4120E93200000578-0-image-m-103_1496680294456 4120E93900000578-0-image-m-102_1496680268049 4120E94600000578-0-image-m-106_1496680359905 4120E94700000578-0-image-m-107_1496680375964 4120E95200000578-0-image-a-98_1496680174935 4120E99000000578-0-image-m-112_1496680826808 4120EA0400000578-0-image-m-74_1496679627791 4120EA0800000578-0-image-m-109_1496680420252 4120EE2100000578-0-image-m-77_1496679734367 4120EE2500000578-4574346-image-m-132_1496684475494

 

 

කාන්තාරයේ වැලි කඳුවල සැඟව සටන් වදින ඉරාන නින්ජා සෙබළියෝ සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (1)
Posted by nimalrajpaksha on (2017-06-16 04:39:44)

කියම වැඩකාරියෝ. 

Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :
Loading...