මුහුණේ තැනින් තැන ලප මතුවෙනවාද?
( නාලිකා රාජපක්ෂ ) 2017-06-17 06:00:22
Comments - 0       Views - 282

අප බොහෝවිට මෙම ලප සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්නේ මුහුණ ආශ්‍රෙයන් වුවත් මෙම ලප මුහුණ හැරුනු කොට ගෙන වෙනත් ස්ථානවලත් මතුවෙන්නට පුලුවන්. මේ පැල්ලම් ඇතිකරනු ලබන ඇකන්තොසිස් නිග්රිකන්ස් ගැන ඔබ අසා නොතිබෙන්නට පුලුවන. මෙවැනි කලු ලප කැළැලි බැලූ බැල්මට කලු පැහැති වන අතර රලු හා වෙල්වට් වැනි ස්වභාවයක් දැකිය හැකිය.

බොහෝ විට මෙවැනි කැළැල්  මුහුණේ මෙන්ම බෙල්ල, ඉකිළි හා කිහිළි ආශ්‍රිතව, දෙකලවා අතර, බෙල්ල, කිහිල්ල, දණහිස ඇතුලු පැත්තේ  වැලමිට සන්ධිය හා  ඇතුළත පිටත මෙන්ම පෙකණිය අවට, තොල්වල පපුව ප්‍රදේශයේ මෙන්ම ප්‍රජනන අවයව වලත් මතුවෙන්නට පුලුවන්.

අත්ලේ හා පතුලේ මෙය ඉතාමත් ගණව ඇතිවන අතර මෙය පිළිකා හඳුනාගන්නට ඉවහල්වන ලක්ෂණයක් ලෙසද සැලකෙයි. ඉන්නන්ගේ ස්වරූපයෙන්ද මේ ලප ඇතිවිය හැකිය. පිටි අත්ල පිළිබඳ සැලකුවහොත් මේවා පිටි අත්ලේ නකල්ස් ප්‍රෙද්ශයේද ඇතිවෙයි. එමෙන්ම ශරීරය පුරාම ඇතිවීමට ඉඩ ඇතිබවද පැවසිය හැකිය.

ප්‍රධාන වශයෙන් මෙය කොටස් තුනකට බෙදෙන අතර බහුලව දැකිය හැක්කේ ආසියාතික හා අප්‍රිකානුවන් අතර බව සැලකේ.අප දන් එය නළළ ආශ්‍රිතව ඇතිවෙන අවස්ථාවක් පිළිබඳ සලකා බලමු. 1 වැනි තත්ත්වය දෙඅල්ලේ සහ දෙපතුලේ මෙන්ම තොල්වල මෙන්ම මුහුණේද ඉතා ගනව ඇතිවිය හැකිය.මෙම තත්ත්වයේදී පිළිකාවක් ඇතිවීමේ අවධානම 18%ක් පමණ පවතියි.

ඊට අමතරව 60%ක පමණ ආමාශයේ පිළිකාවන් ඇති විය හැකිය. පියයුරු පෙණහලු , වකුගඩු පිත්තාශය, ගර්භාශ ආදී ස්ථානයන්හි පිළිකාවක් ඇතිවන අවධානමක් ලෙසද මෙම ලක්ෂණ කෙනෙකුගෙන් පහළ විය හැකිය. මෙම තත්ත්වය සමහර අවස්ථාවලදී කුඩා දරුවන්ගේද ඇති විය හැකිය.වයස අවුරුදු 40 ට වඩා වැඩි නම් ශරීරය තරබාරු පුද්ගලයෙකුත් නොවේ නම්  ඇතැම් විට ශරීර අභ්‍යන්තරයේ පිළිකාමය තත්ත්වයක් ලෙස සලකනු ලබයි.

සමේ කලු හා රලු ලප ඇතිවෙන ස්ථානය අනුව ශරීර අභ්‍යන්තරයේ ඇතිවෙන පිළිකා ලක්ෂණ හඳුනාගන්නේ කෙහොමද?

දැනටමත් මේ පැනය ඔබට මතුවී තිබෙන්නට පුලුවන්. මෙම ලප අත්ලේ මතුව ඇත්නම් එය 95%ක්ම ආමාශය පෙණහලු  වැනි පිළිකා අවධානමක් විය හැකිය. කිහිල්ලේ මතුව ඇත්නම් එය ආමාශයේ පිළිකාවක ලක්ෂණයක් විය හැකිය.

මෙම තත්ත්වයන් ජානමය හේතුවක් වශයෙන්  ඇතිවේ යැයි දැනට සැක පහළ කර තිබෙන අතර ඇතැම් දරුවන් ඉපදුන විට මේ තත්ත්වය දැක ගත හැකිය.  එසේ නැතිනම් ළමු කාලයේ ඇති විය හැකි අතර එම තත්ත්වය තරුණ වයස වන විට වඩාත් වැඩිවන්නට ඉඩ තිබේ. තුන්වන අවස්ථාව සැලකුවහොත් වර්ථමානයේ  බහුලව දියවැඩියා රෝගීන්  ඇත .මෙය ඉන්සියුලින් ප්‍රතිරෝධක අවස්ථාවක් ලෙස හඳුන්වාදිය හැකිය. එමෙන්ම වෙනත් රෝග අවස්ථාවන් පවතින විටද ලප ආදිය ඇතිවෙයි. 

ලප ඇසුරින් එසේ දැක ගත හැකි වෙනත් රෝග

තයිරොක්සින් හෝමෝනය අඩුවීම, පිටියුටරි ග්‍රන්ථියේ රෝග ඇතිවීම, පොලිසිස්ටික් ඕවරි සින්ඩ්‍රෝම් රෝගයේදී  සහ කුෂින් සින්ඩ්‍රොම් ඇතිවිට මෙන්ම දියවඩියා රෝගය ඇතිවිට. සහ මන්ද බුද්ධික බව

දැන් අපි මෙම ලප ඇතිවීමට හේතු  සලකමු. ඇතැම් ඖෂධ වර්ග භාවිතය. ඇල්කොහොල් භාවිතය හේතුවෙන් හටගන්නා සිරෝසිස් පාලනය කිරීමට ලබාදෙන ඖෂධ ද හේතු විය හැකිය.උපත් පාලන පෙති භාවිතයේදී මෙන්ම  සියයට දහයකට පහණ  වකුගඩු බද්ධ කළ පසුව මෙම ලප ඇති විය හැකිය. මෙම ලප කැලැල් හඳුනාගන්නේ කෙසේද?  යන්න දැන් ඔබට ගැටලුවක් මතුවන්නට ඉඩ තිබේ.  

දැන් අප ඒ සම්බන්ධයෙන් යමක් විමසා බලමු. ඇකන් තොසිස් නිග්රිකන්ස් තත්ත්වය ඉතාමත් පහසුවෙන් පළපුරුදු වෛද්‍යවරයෙක්ට  දුටු සැණින් හඳුනාගත හැකිය. මෙහිදී ඔබ අනිවාර්යෙන්ම දියවැඩියා රෝගය සහිත අයෙක් දැයි පරීක්ෂණයකට ලක් කරනු ඇත. ඔබ වෛද්‍යවරයා හමුවූ විටදී ඔබ ගන්නා විටමින් සහ අනෙකුත් ඖෂධයන් පිළිබඳව වෛද්‍යවරයා දැනුවත් කිරීම සිදු කළ යුතුය. ඊට අමතරව ඉතාමත් කලාතුරකින් සමෙන් කොටසක් ද බයොප්සි පරීක්ෂණයකට යවනු ඇත. 

ලප කැලැල් වෙනුවෙන් පවතින ප්‍රතිකාර සම්බන්ධයෙන් ඔබේ වෛද්‍යවරයා ඔබව නිසි පරිදි දැනුවත් කරනු ඇත. මෙය සම්බන්ධයෙන් පැවසිය යුත්තේ මෙය රෝගයක් නොව රෝගයක ලක්ෂණයක් බවයි.  ඔබ අධික පැණි රස ආහාර සහ තෙල් ආහාර සීමා කරන අතර ව්‍යායාමයකද නිරතවිය යුතුය. මෙයට අමතරව ඔබට හොර්මොන උණතාවයක් ඇතිනම් එම හෝමෝන ලබාදීමට කටයුතු කරනු ඇත.

මෙයට අමතරව ඔබට සුදුසු ප්‍රතිකාර වෛද්‍යවරයාගේ අනුදැනුම මත නියම කරනු ඇති අතර තාවකාලික පිළියම් ලෙස මුහුණේ හෝ සමේ පැහැයට සමාණ රූපලාවණය පදනම් ආලේපන ගැල්වීමෙන් එයින් මතුවෙන පැල්ලම තාවකාලිකව යටපත් කරගන්නට හැකිය. 

උපදෙස් - චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අජිත් කන්නන්ගර

11 22

මුහුණේ තැනින් තැන ලප මතුවෙනවාද? සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :