X
ලස්සන මසුන් සිටින ලෝකයේ විශාලතම මින් මැදුරු 7ක්
( . . ) 2017-06-13 11:40:08
Comments - 0       Views - 3311

01) බටහිර ඕස්ට්‍රේලියාවේ මින් මැදුර (Aquarium of Western Australia – AOWA) - ඕස්ට්‍රේලියාව

මෙය ඕස්ට්‍රේලියාවේ ඇති විශාලතම මින්මැදුර ලෙසයි සැලෙකන අතර මෙහි ජලය ගැලුම් 800,000 ( ලක්ෂ අටක්) පමණ පවතියි.

එහි සිටින අලංකාරවත් මත්ස්‍යයින් විශේෂ හා එහි විශාලත්වය නිසාම AOWA මින් මැදුර ප්‍රසිද්ධියක් උසුලයි. විවිධ වර්ගයේ කුඩා මසුන් මෙන්ම මෝරුන්, තල්මසුන්, කිඹුලන් වැනි විශාලත්වයෙන් යුතු ජලජ ජීවීන් වර්ගද මෙහිදී දැකගැනීමට හැකියාවක් ලැබෙනවා. 

02) ඇක්වාඩොම් මින් මැදුර (Aquadom) - ජර්මනිය

ආසියාවේ තිබෙන විශාලතම මින් මැදුර ලෙස මෙම මින් මැදුර සැලකිය හැකියි. මෙහි චීන කලාපය, ඕස්ට්‍රේලියානු කලාපය ආදී වශයෙන් විවිධ කලාප 8කට ආවේණික මතස්‍ය විශේෂ වෙන්කර හඳුන්වා දී වෙන්කර දක්වා ඇත.

මෙහි ජලය යට පිහිටා ඇති උමග අඩි 509ක් දිගැතියි. ලොව ඇති විශාලතම (පරිමාව අනුව) සිලින්ඩරාකාර උමග ඇත්තේද මෙම මින් මැදුර තුළයි. 

03) Turkuazoo - තුර්කිය

තුර්කියේ, ඉස්තාබුල් නගරයේ මෙම මින් මැදුර පිහිටා ඇති අතර ජලජ ජීවින් 10000කට අධික ප්‍රමාණයක් වාසය කරන මෙහි ඝන මීටර් 80ක් දිගැති උමගක්ද පිහිටා තිබේ.  

මෙහි භූමි ප්‍රමාණය වර්ග මීටර් 55000ක් පමණ වන බව වාර්තාවේ.

04) Ushaka marine world - දකුණු අප්‍රිකාව

අප්‍රිකානු මහද්වීපයේ විශාලතම මින්මැදුර ලෙස මෙය හඳුන්වනු ලබයි. මෙහි මෝරුන්, තල්මසුන් වගේම බූවල්ලන්, මුහුදු අශ්වයින් වැනි විවිධ අංලකාර ජලජ ජීවීන් වර්ගද බොහෝමයක් දැක ගැනීමට හැකියාව ඇත.

මෙහි තෙත් කලාපය, මුහුදු කලාපය, ළමා කලාපය, වෙරළ කලාපය ආදී වශයෙන් විවිධ කලාප පහක් ද වෙන් කර ඇත.  

05) ඩුබායි මින් මැදුර සහ දිය යට සත්වෝද්‍යානය (Dubai Aquarium & Underwater Zoo ) - ඩුබායි, එක්සත් අරාබි එමීර් රාජ්‍යය

ලෝකයේ මින් ඇති මින් මැදුරු සලකා බැලුවහොත් මෙය විශාලතම මින් මැදුර ලෙස හඳුන්වාදෙන්නට පුළුවන්.

එයට හේතුව ලොව විශාලතම ඇක්‍රලික් පැනලිය (Acrylic Panel) සහිත මින් මැදුර ලෙස ගිනස් වාර්තා පොතටද එක්ව තිබීමයි. ජල ගැලුම් මිලියන 2.6ක් ඇතුළත් මෙහි විවිධ වර්ගයේ ජලජ ජීවින් 33000 කට අධික ප්‍රමාණයක් ජීවත් වෙනවා.

06) Okinawa Churaumi මින්මැදුර - ජපානය

මෙහිදීත් ඔබට විවිධ අලංකාරවත් මුහුදු ජීවීන් 26000කට අධික ප්‍රමාණයක් දැකගැනීමේ හැකියාව ඇත.  

මෙය ගොඩක් ප්‍රසිද්ධ වීමට හේතුව එහි ප්‍රධාන ටැංකිය කුරෝශියෝ මුහුද (Kuroshio sea) යන නමින් හැඳින්වීම බව පැවසේ. මෙය 2002 වර්ෂයේ නොවැම්බර් මස  01 වැනි දින ආරම්භ කර ඇති බව වාර්තාවේ.

07) ෂෙන්හයි මින් මැදුර - චීනය

මෙයත් ආසියාවේ ඇති සුවිශාල මින් මැදුරක් ලෙස සැලකිය හැකියි.

මෙයත් චීන, ජපන්, ඕස්ට්‍රේලියා වැනි කලාප 9කට බෙදා දක්වා ඇති අතර ඒ ඒ කලාපවලට ආවේණික මත්ස්‍යයින් එහිදී දැකගැනීමට හැකියාව ලැබෙනවා. මෙය ප්‍රසිද්ධියක් උසුලන්නේ මෙහි දිය යට ඇති අඩි 500 දිග උමග නිසායි.

සටහන - දිනිත් කණිෂ්ක

ලස්සන මසුන් සිටින ලෝකයේ විශාලතම මින් මැදුරු 7ක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :
 
අත් හරින්න එපා!

වයස කියන්නේ ඉලක්කමක් විතරයි. සාර්ථකත්වය වෙනුවෙන් ඔබේ බලාපොරොත්තු ජීවත් කරවන්න.

Posted by Union Assurance PLC on Tuesday, November 14, 2017