ජනාධිපති ක්‍රීඩා සම්මාන - 2017
( දමිත් වාසල ) 2017-05-20 00:08:44
Comments - 0       Views - 596

ක්‍රීඩා අමාත්‍යංශය විසින් දෙවැනි වරටත් සංවිධානය කරනු ලැබූ ජනාධිපති ක්‍රීඩා සම්මාන - 2016 උලෙළ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (19දා) රාත්‍රියේදී නිමාවට පත්විය.

ශ්‍රී ලාංකේය ක්‍රීඩා ක්ෂේත්‍රයේ 2016 වසරේ දැක්වූ විශිෂ්ඨතා වෙනුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්, ක්‍රීඩා කණ්ඩායම් සහ අසමසම මෙහෙවරක නියැළි පුරෝගාමීන් මෙන්ම ජනමාධ්‍යවේදීන් මෙහිදී සම්මානයෙන් පිදුම් ලැබීය. මේ සඳහා ජනාධිපති මෙත්‍රීපාල සිරිසේන, ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ඇතුළු මැති ඇමතිවරු රැසක් සහභාගි වූහ.

මෙහිදී වසරේ විශිෂ්ටතම ක්‍රීඩා මාධ්‍යවෙදියා (මුද්‍රිත මාධ්‍ය / සිංහල) සම්මානය අද ජාතික පුවත්පතේ පැතුම් ශ්‍රී විජේරත්න දිනාගත් අතර, වසරේ ක්‍රීඩා පිටුව (සිංහල මාධ්‍ය) අනුශූරතාවද අද පුවත්පතට හිමිවිය. මීට අමතරව සම්මාන රැසකින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සම්මානයට පාත්‍රවූ අතර, මෙහිදී වසරේ දක්‍ෂතම ක්‍රීඩිකාව ලෙස මලල ක්‍රීඩිකා නිමාලි ලියනාරච්චි සම්මාන දිනාගත් අතර, වසරේ දක්‍ෂතම ක්‍රීඩකයා ලෙස මැතිව් අබේසිංහ සම්මාන දිනාගත්තේය‍.































ඡායාරූප - ඉසුරු පෙරේරා

 

ජනාධිපති ක්‍රීඩා සම්මාන - 2017 සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :