විරෝධතාවය නිසා අත්ඩංගුවේ සිටී සරසවි සිසුන්ට ඇප
( අද කර්තෘ මණ්ඩලය ) 2017-05-19 13:23:34
Comments - 1       Views - 603

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව විරෝධතාවයේ නිරතව සිටියදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතව සිටී ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ ඇතුලු සරසවි සිසුන් අටදෙනා ඇප මත මුදා හැරීමට අද (19දා) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරන ලදී.

ඒ අනුව අදාල සරසවි සිසුන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කොළඹ මහේස්ත්‍රාත් ලාල් රණසිංහ මහතා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහරින ලෙස නියෝග කරන ලදී.

මේ අනුව මෙම නඩුව ලබන ජූලි 21 වනදා නැවත විභාග කිරීමට නියමිතය.  

විරෝධතාවය නිසා අත්ඩංගුවේ සිටී සරසවි සිසුන්ට ඇප සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (1)
Posted by Rangana on (2017-05-20 01:42:19)

දෙමව්පියන් දුක් මහන්සි වෙලා මහ දුක් විදල දරැවන්ව අන්තරේට යවන්නේ හොර තක්කඩි දේශපාලුවන්ගේ අත කොලුවක් වෙන් නොවේ. ඒ වගේම නිර්මල බුදු දහමට අගෞරවය කරන සිවුර පොරව ගෙන අසීලාචාර ලෙස හැසිරෙන කිසිම චීවර ධාරියෙකට ඇප ලබා නොදිය යුතයි.

Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :