ඔස්ට්‍රේලියා - ශ්‍රී ලංකා සහයෝගීතාව ප්‍රදර්ශනය
( ෂමිල පෙරේරා ) 2017-05-18 22:55:03
Comments - 0       Views - 244

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර සංවර්ධන සහයෝගීතාවට වසර 70ක් සපිරීම සමරමින්, ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් බ්‍රයිස් හචිසන් මහතා විසින් පසුගිය 16දා ත්‍රිකුණාමලය ප්‍රා‘දේශීය ලේකම් කාර්යාලයේදී ඡායාරූප ප්‍රදර්ශනයක් විවෘත කරන ලදී.

ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් පසුගිය දශක හතක කාලය තුළ ඔස්ට්‍රේලියාව නැගෙනහිර පළාතද ඇතුළුව මුළු දිවයිනම ආවරණය වන පරිදි සහයෝගය ලබාදී ඇති බවත්, ඔස්ට්‍රේලියානු ආධාර තුළින් මානුෂික, සෞඛ්‍ය, අධ්‍යාපන සහ රැකියා උත්පාදන ව්‍යාපෘති හරහා ශ්‍රී ලාංකිකයන් අත්කරගත් ප්‍රතිලාභ මෙම ප්‍රදර්ශනය මගින් ඉස්මතු කරන බවත් ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

රජය, සිවිල් සමාජය, පෞද්ගලික අංශය සහ රාජ්‍ය නොවන සංවිධාන යන සියලු අංශ සමග පවතින බැඳීම මෙම වැඩසටහන්වල සාර්ථකත්වයට හේතුවූ බව පැවසූ හචිසන් මහතා, ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධන සඳහා වූ ඔස්ට්‍රේලියාවේ සහයෝගය මෙම ප්‍රදර්ශනයේදී පෙන්වා දුන්නේය.

මීට අමතරව, ශ්‍රී ලං‘කාවේ කෘෂි කර්මාන්තයටද ඔස්ට්‍රේලියාව බොහෝ කාලයක සිට ආධාර ලබාදී තිබෙන බවත්, යුද්ධය නිමාවීමෙන් පසු සිට බිම් බෝම්බ ඉවත් කිරීම, නව නිවාස ව්‍යාපෘති, පාසල්, මාර්ග, වෙළෙඳ පොළවල් ආදිය ප්‍රතිසංස්කරණය කිරීම සහ නව රැකියා අවස්ථා බිහිකිරීම යනාදී ක්‍ෂේත්‍ර සඳහාද ඔස්ට්‍රේලියාව දායකත්වය සපයා දුන් බවද සිහිපත් කළ හචිසන් මහතා, ඒ හා සමානව සුනාමි ව්‍යසනයෙන් පසුව විවිධාකාරවූ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහාද ඔස්ට්‍රේලියානු රජය දායකත්වය ලබාදුන් බවද පවසා සිටියේය.

ශ්‍රී ලාංකිකයන් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ඉටුකර ඇති මෙහෙය ගෙනහැර දැක්වීම සඳහා ආලේඛ්‍ය ඡායාරූප පෙළක්ද මෙම ප්‍රදර්ශනයට ඇතුළත්ව තිබුණු බව, එම ඡායාරූප පෙළ තුළින් ඔස්ට්‍රේලියාවේ බහු සංස්කෘතික ජීවිතයට විශාල සහ දීප්තිමත් ශ්‍රී ලාංකේය ප්‍රජාවෙන් ලැබුණු දායකත්වයෙන් සුළු කොටසක් පමණක් නියෝජනය වූ බවත් හචිසන් මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

එම ඡායාරූප ප්‍රදර්ශනය මැයි මස 17 සිට 20 දක්වා ත්‍රිකුණාමලය ප්‍රා‘දේශීය ලේකම් කාර්යාලයේදී ජනතාව වෙනුවෙන් විවෘතව පවතී.

ඔස්ට්‍රේලියා - ශ්‍රී ලංකා සහයෝගීතාව ප්‍රදර්ශනය සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :