යතුරුපැදි ධාවන ශූර නිකී හේඩ්න් අනතුරකට ලක්වේ
( ඔෂිත වරකපිටිය ) 2017-05-18 19:01:25
Comments - 0       Views - 457

ලෝ ප්‍රකට යතුරු පැදි ධාවන ශූරයෙකු වූ ඇමරිකාවේ නිකී හේඩ්න් වාහන අනතුරකට ලක්විම හේතුවෙන් රෝහල්ගත කොට ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ ඔහුගේ තත්වය බරපතල බවයි.

ඉතාලියේ පුහුණු සැසියකට සහබාගි වෙමින් සිටි හේඩ්න් සිය පාපැදයේ ගමන් කරන අවස්ථාවේදී මෝටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති අතර මෙම අනතුරින් ඔහුගේ මොළයට ලේ ගමන් කිරීමක්  මෙන්ම අතක් හා පාදයක් බිඳීමක් ද සිදුවී ඇත.

35 හැවිරිදි හේඩ්න් 2006 වර්ෂයේදී ලෝප්‍රකට මෝටෝ ජී.පී. යතුරුපැදි ධාවන තරගාවලිය ද ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර ඉන් අනතුරුව 2015 වර්ෂයේදී ඉන් ඉවත් වීමෙන් අනතුරුව මේ දක්වා හෙතම %සුපර්බයික්^ ලෝක ශූරතා යතුරුපැදි ධාවන තරගාවලියට එක් වී සිටියේය.


හේඩ්න් අනතුරට ලක් වූ මෝටර් රථය

අනතුරට ලක් වූ බයිසිකලය

යතුරුපැදි ධාවන ශූර නිකී හේඩ්න් අනතුරකට ලක්වේ සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :