දකුණු ආසියානු කණිෂ්ඨ මේස පන්දු තරගාවලිය හෙට ඇරඹේ
( ඔෂිත වරකපිටිය ) 2017-05-18 16:07:10
Comments - 0       Views - 274

ආසියානු හා දකුණු ආසියානු මේස පන්දු සම්මේලනයන්හි පූර්ණ අනුමැතිය යටතේ ශ්‍රී ලංකා මේස පන්දු පන්දු සම්මේලනය මගින් මෙහෙයවන දකුණු ආසියානු කණිෂ්ඨ මේස පන්දු තරගාවලිය හෙට (19) ගල්කිස්්ස ශා. තෝමස් විදුහල් ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී ආරම්භ වේ.

අන්තර්ජාතික මේස පන්දු තරගාවලියක් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වන අතර මේ සඳහා  ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 6 ක් (ශ්‍රී ලංකාව, ඉන්දියාව ,පකිස්ථානය,  බංග්ලාදේශය,මාලදිවයින, නේපාලය) සහභාගි වේ.   

තරගාවලිය පුරා දින 3 ක් (19,20,21) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර  ඉසව් 10 ක් යටතේ මෙහි තරග පැවැත්වේ.

තරගාවලිය පිළීබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ඊයේ (17) කොළඹ දී පැවැත්විණි.

ඡායාරූප - ක්‍රිශාන් රණසිංහ

 

දකුණු ආසියානු කණිෂ්ඨ මේස පන්දු තරගාවලිය හෙට ඇරඹේ සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :