නිරෝගී දිවියකට නින්ද අත්‍යවශ්‍යද?
( . . ) 2017-05-18 07:00:07
Comments - 0       Views - 682

බොහෝ දෙනෙකු සිතන්නේ නින්ද අත්‍යවශ්‍ය වනුයේ කුඩා බිළිඳන්ට පමණක් බවය. නැත . සාමාන්‍යයෙන්  අප සියලුදෙනාටම පාහේ විවේකයක් අවශ්‍ය යැයි හැඟෙන විට කෙටියෙන් හෝ නින්දක් ලබන්නට උවමනාවක් ඇතිවීම සාමාන්‍ය දෙයකි. නින්ද යනු අප විවේක ගත්තද සිරුරේ ක්‍රියාකාරිත්වය නින්දට පත්වීමක් නොවන අවස්ථාවකි.

ශරීරයේ පේශී සහ පටක අලුත්වැඩියාව, සිදුවන්නේ ඔබි නින්දට යන වේලාව තුළදීයි. එමෙන්ම සිරුරේ වර්ධනයට බලපාන හෝමෝන, ආහාර රුචිය බලපවත්වන හෝමෝන සිරුරට මුදාහැරෙන්නේ ශරීරය නින්දේ පසුවන වේලාවටය. එමෙන්ම ඔබේ සිරුරේ ශක්තිය සිරුර තුළ ගබඩා කිරීම ඇරඹෙන්නේත් මෙම වේලාව තුළදීය. ශරීරයේ ස්නායුක ක්‍රියාකාරිත්වය සමාන තලයකට පත්වෙමින්  මතක ශක්තිය නැතිනම් ස්මරණය තිර කිරීම නින්දේදී සිදුවන ක්‍රියාවලින් අතර ප්‍රධානය. 

වැඩිහිටි අයෙකු සැළකුවහොත් ඔහු ප්‍රමාණවත් නින්දක් නොලබන්නේ නම් එය බොහෝ භයානක ක්‍රියාවකි. හෘදයාබාධ,දියවැඩියාව, අධිරුධිර පීඩනය, විශාදය හා ස්ථූලතාවය ට පුරුද්දක් ලෙස නින්ද අඩුකම එක එල්ලේ බලපෑ හැකිය. එමෙන්ම නින්ද හා සබැඳි විවිධ සංකූලතාවලටද ලක්වීම එවැන්නෙකු වෙතින් දැකිය හැකි ලක්ෂණ්‍යකි. ආර්ථවාහරණයටපත් කාන්තාවක් වෙතින් නම් සිරුරෙන් දහඩිය බිඳු වැගිරීම දැකිය හැකිය.  පුරුෂ පක්ෂයේ අයට පුරස්ථිති ග්‍රන්ථිය  ඉදිමීමෙන් නින්ද නැතිව කීපවතාවක් රෑ පුරා මුත්‍රා කිරීමට සිදුවීමද නින්ද සමග බැදුණු ආබාධ බවට පත්වී දැනිය හැකිය.

එමෙන්ම වැඩිහිටියෙකුගේ නින්ද විවිධාකාර හේතුමත වෙනස් විය හැකිය. ඇතමුන්ගේ අසනීප තත්ත්වයක්, නිවසේ වගකීම්  නැතිනම් ආලේකය යන හේතු නිසා වරින්වර නින්ද බිඳී අවදිවෙන්නට ඉඩ තිබේ.  හොඳන් නින්දඒමට නම් නින්ද සඳහා සුදානමක් අවශ්‍යය. විවිධ දෙයින් මනස ව්‍යාකූලව පවතින විට නින්නට යෑම නින්ද අහිමි කරන්නට හේතුවනවා විය හැකිය. නින්ද සඳහාද ඔබ විසින් උත්තේජකයන් සැපයිය යුතුවෙයි.  

නින්දට යෑමට ආසන්නයේ එනම් අඩුම තරමේ පැය හතරක පමණ කාලයක් පවතී නම් ව්‍යායාමයේ යෙදීමෙන් වැළකිය යුතුය. එමෙන්ම නින්දට යන කාමරයේ අඳුරු කළ හැකි නැතිනම් එළිය අඩු කළ හැකි විදුලි පහන් යොදන්න. නමුත් ඒ සඳහා නිල් පැහැය යොදා නොගන්නවා නම් සුදුසුය නිල් පැහැය නින්දට බාධා කරන බව සොයා ගෙන ඇත.  නින්දට දෙපැයකට පමණ ප්‍රථම උණුසුම් ජලයෙන් ස්නානය කළ හැකි නම් වඩාත් සුදුසුය. ඔබ නින්දට යන ස්ථානයේ දුරකථනය හෝ ටැබ් ආදිය තබා ගැනීමෙන් වළකින්න. එමෙන්ම නිදි බෙහෙත් භාවිතයෙන් බොහෝ දුර ඈත්වෙන්න.

එක් එක් වයස් ප්‍රමාණය අනුව නින්ද අවශ්‍ය වන කාලවෙලාවන් මොනවාද යන්න දැන ගැනීමට ඔබ උනන්දු නම් මේ ඊට අවස්ථාවයි. වයස අවුරුදු එකේ සිට තුන දක්වා දරුවන්ට පැය දොළහක් දා හතරක් වැනි කාලයක් නින්ද අවශ්‍යය. වයස අවුරුදු තුන සිට පහ දක්වා දරුවන්ට පැය එකොලහක් දහතුනක් පමණ ප්‍රමාණයක නින්දක් අවශ්‍ය වේ.

බොහෝ අත දරුවන් අවුරුදු පහ ඉක්මවූ පසු කෙටි නින්දක් ලැබීම අමතක කරන බව සත්‍යයකි.වයස අවුරුදු පහත් දොළහත් අතර ළමුන් පැය දහයක් එකොළහක් නින්දට කැප කරයි. තුරුණු වියේදී පැය අටත් අටහමාරක් හෝ නවයක් නවයහමාරක් නින්ද වෙනුවෙන් අවශ්‍ය වන අතර වැඩිහිටියන් පැය හතක් අටක් අතර ප්‍රමාණයක් දෛණිකව නින්දට වෙන් කිරීම අවශ්‍යය.

 formas-de-dormir

 

නිරෝගී දිවියකට නින්ද අත්‍යවශ්‍යද? සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :