දැනගෙන භාවිත කළ යුතු මේදය
( නාලිකා රාජපක්ෂ ) 2017-05-11 07:00:46
Comments - 0       Views - 696

ආහාර ගැනීමේදී තෙල් දැමූ ආහාරයක් නැත්නම් බැදුමක් නැතිව ආහාර ගන්න දැන් දැන් සමහරුන්ට තරමක අපහසුතාවයක් තියෙන බවයි කියන්නේ. නමුත් මෙසේ  බැදුම් සහිත ආහාර සඳහා කිසියමි එළවලු තෙල් වර්ගයක් යොදාගැනීමෙන් එතරම් හානියක් වන්නේ නැතැයි, ඇතැම් දෙනා දැඩිව විශ්වාසකරන තත්ත්වයක්.

සැබවින්ම භාවිතයට වඩාත් සුදුසු  එළවළු තෙල්ද පොල්තෙල්ද කියන එක මේවන විට බොහෝ ගෘහණියන්ට මතුව ඇති ගැටලුවක්. එළවළු තෙල් වූ පමණින් මේදයෙන් ආරක්ෂාවක් ඔබේ සිරුරට ඇතිවෙන්නේ නැහැ. නමුත් දිගින් දිගටම ඔබ බැදුම්  හා තෙම්පරාදු කිරීම් වෙනුවෙන් එළවළු තෙල් යොදාගන්නවා නම් එයින් ඇත්වීම ඉතාම අත්‍යවශ්‍ය දෙයක්. සියල්ලටම පළමු තෙල් ගැන කියන මේ කතන්දරේ හරියටම තේරුම් ගන්න එක වඩාත් සුදුසුයි.  

ඒක අසංතෘප්ත මේදය කියන්නේ මොනවටද යන්න මේ අනුව අපි පළමුව විසඳාගෙන සිටිමු.  ඒක අසංතෘප්ත මේදය කියන්නේ  දිනපතා ආහාරයට එක් කරගත හැකි මේදයක්.  ඒක අසංතෘප්ත මේද මගින් හෘද රෝග ඇතුළු රුධිර වාහිණි, අවහිරතා සහිත රෝග ඇතිවීමේ අවදානම අඩුකරනවා. ඒක අසංතෘප්ත මේදය අඩංගු ආහාර මොනවාද යන්න දැන් ඔබට යම් ගැටලුවක් මතුවේවි. ඔබ හොඳින් දන්නා අඳුනන පලතුරක් වුන අලිගැට පේර තුළ මෙම මේදය අන්තර්ගත වෙනවා. 

කජු මද, රටකජු තෙල් , තල , කොට්ටන්, ඔලිවු තෙල්, කැනෝලා තෙල්, මෙම ඒක අසංතෘප්ත තෙල් අඩංගු අනෙක් ආහාර ලෙස හඳුන්වන්නට හැකියි. සැබවින්ම මෙවැනි දෑ ආහාරයට එක්කර ගන්නට යැයි අප පැවසුවත් පමණ ඉක්මවා කිසිවක් සුදුසු යැයි අප ඔබට පවසන්නේ නැහැ. නමුත් බහු අසංතෘප්ත තෙල් කියන්නේ. රුධිර නාලවල මේදය තැන්පත්වීම වැළැක්වීමට හා රුධිරය කැටි ගැසී රුධිර නාල අවහිරවීම වැළැක්වීමේ හැකියාව  බහු අසංතෘප්ත මේදවලට පවතියි.

විශේෂයෙන් අප ඔමේගා 3 සහ ඔමේගා 6 යනුවෙන් නිතර කතාබහට ලක්කරන  තෙල් මෙහි අඩංගුය. විශේෂයෙන් මෙම හෘදයාබාධ, අංශභාග වැනි රෝග වළක්වන ගුණය මෙම තෙල් වර්ගයේ අඩංගු නිසා මෙම මේද හදවතට හිතකර මේද වශයෙන් හඳුන්වන්නට හැකියි. විශේෂයෙන් මෙම මේද වර්ගය අපේ ශරීරය ගොඩ නැගී ඇති සෛල පටල නිපදවීමටත්, ලෙඩ රෝගවලින් ආරක්ෂා කිරීමටත්, ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වයටත්  අත්‍යවශ්‍යය.  

එමෙන්ම ළදරුවන්ගේ සහ ළමයින්ගේ   මොළය සහ ස්නායු පද්ධතියේ වර්ධනයටද. ඇස්වල පෙනීම ඇතිකිරීමටද  බහු අසංතෘප්ත මේදය අවශ්‍ය වේ. මේදය ගැන කතාකරන විට ඩී එච් ඒ මේද අම්ල ගැනත් කතාකරන එක වැදගත්ය.  ඩී එච් ඒ කියන බහු අසංතෘප්ත මේද අම්ලය මව්කිරිවල අවශ්‍ය ප්‍රමාණයට අඩංගුව පවතී.

ගරිභිණී සහ කිරිදෙන මව්වරුන්  විසින් මාලු සහ තද කොළ පැහැති කොළ වර්ග ආහාරයට ගැනීමෙන් මව්කිරිවල ඇති ඩී එච් ඒ  ප්‍රමාණය වැඩිවෙන අතර ළදරුවන් සහ ළමයින්ගේ මොළය මෙන්ම ස්නායු පද්ධතියේ වර්ධනයටද පෙනීම ඇති කිරීමටද මෙය ඉතා වැදගත්වෙයි. බහු අසංතෘප්ත මේදය අඩංගු ආහාර ලෙස මාලු, තල තෙල්, සෝයා තෙල්, සූරියකාන්ත තෙල්, ඉරිඟු තෙල්, සහ කජු වැනි තෙල් සහිත විවිධ ඇටවර්ග ගැනීමට හැකියාව තිබෙයි. 

දැන් අප ට්‍රාන්ස් මේද සම්බන්ධයෙන් කතාකරමු. අසංතෘප්ත මේද අම්ල අධික ඌෂ්ණත්වයක දහනය කිරීමේදී  නැතිනම් රත් කිරීමේදී අප මේ කියන මේද අම්ල කාණ්ඩය ඇතිවෙයි. ට්‍රාන්ස් මේදය මගින් අපේ ශරීරයේ ඇති අහිතකර කොලෙස්ටරෝල් වර්ග ඉහළ ගොස් රුධිරවාහිනී අවහිරතා ඇතිවීම සහ හෘද රෝග ඇතිවෙන්නට යම් කෙනෙකුට අවදානමක් තිබේ නම් එය වැඩි කරයි. අප එළවළු තෙල් වර්ග සහ ෆාම් තෙල් වැනි අනෙකුත් අසංතෘප්ත තෙල් යොදා ආහාර ගැඹුරු තෙලේ බැද ගන්නා විට මෙම අහිතකර ට්‍රාන්ස් මේදය ඇතිවෙයි.  

ඒ නිසා ප්‍රචාරණයට හෝ වෙන අන් කිසියම් හේතුවකට මෙවැනි ෆාම් තෙල් සහ එළවළු තෙල් වලින් ආහාර ගැඹුරු තෙලේ බැදගැනීම නොකළ යුතුය. එයින්  ට්‍රාන්ස් මේදය ආහාරයට එක්වෙයි.  යම් ආකාරයකින් එක් වරක් යමක් බැද ගැනීම සඳහා යොදාගත් මෙම අසංතෘප්ත තෙල් නැවත නැවත බැදීම සඳහා යොදා නොගැනීමට පරෙස්සම් වෙන්න.  

නමුත් පොල් තෙල් වල මෙම තත්ත්වය වෙනස්ය. එය ගැඹුරු තෙලේ බැදීමට මෙන්ම නැවත නැවත බැදීම සඳහා යොදාගත් නමුත්  ට්‍රාන්ස් මේදය ඇතිවීමේ අවදානම අඩුය. විශේෂයෙන් පේස්ට්‍රි, පැටිස්, වැනි හෝටල් සහ බේකරි නිෂ්පාදනවලද ,කට්ලට් රෝල්ස් වැනි ගැඹුරු තෙලේ බදින ලද ආහාරවලද, බිස්කට් ,කේක් සහ සමහර මාගරින් වර්ගවලද ,අධික ලෙස ට්‍රාන්ස් මේදය අන්තර්ගතවන බැවින් එම ආහාර ගැනීම සීමා කළ යුතු බව මතක තබා ගන්න.

FoodIngredients_FRYING-OILS image001

 

දැනගෙන භාවිත කළ යුතු මේදය සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :