නැගණියන් දෙදෙනා සහ මිත්තනිය රැකගන්න කොහු කපන අයියා
( හිරාන් ජයසිංහ ) 2017-05-08 14:20:00
Comments - 3       Views - 2430

මව්පියන් දෙදෙනාම අහිමි තම නැගණියන් දෙදෙනා වෙනුවෙන් පාසල් කාලය අහිමිකර ගනිමින් මිත්තනියද රැකබලා ගනිමින් කොහු කර්මාන්ත ශාලාවක සේවය කරන තරුණයෙකු මුන්දලම, මදුරන්කුලිය ප්‍රදේශයේදී අපට හමුවිය.

මුන්දලම, මදුරන්කුලිය, සෙම්බැට්ට,  බුද්ධි ජයන්තිගම දැඩි ආර්ථික අපහසුතා මැද පොල්අතු පැලක කුඩා දියණියන් දෙදෙනාත්, මිත්තනියත්, වයස අවුරුදු 18ක් පමණ වන පුතුත් වාසය කරති.

දරුවන්ගේ මව පිළිකා රෝගයකින් මරණයට පත්ව ඇති අතර, පියාද සුළු කාලයකින් මරණයට පත්ව තිබේ.පසුව පවුලේ බර දරුවන්ගේ මිත්තනිය විසින් ගෙන තිබුණද, ඇය ඉතා සුළු කලකදී රෝගාතුර වීම හේතුවෙන් අවුරුදු 18වූ  චාරක සඳරුවන් දරුවා පවුලේ බර කරට ගෙන ඇත්තේ ඔවුන්ට කිසිවකුගේ පිහිටක් නොමැති අවස්ථාවකය.

අබලන්ව  කඩා වැටෙන්නට ආසන්න නිවසේ පුත්තලම පාලවිය විද්‍යාලයේ සිවුවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන 09 හැවිරිදි දැරියක සහ මදුරන්කුලිය විද්‍යාලයේ නවය වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන 14 හැවිරිදි දැරියකද ජීවත් වෙති. 

මෙම දරුවන් වෙනුවෙන් සිටින එකම ආරක්ෂකයා දරුවන්ගේ මිත්තනිය පමණි. ඇයද ශ්වසන රෝගයකින් දැඩි ලෙස පීඩා විඳිමින් දරුවන්ට රැකවරණය ලබාදීමට අමතරව ආහාර සකසමින් සිටින ආකාරය දැකගත හැකිවිය. 

වයස අවුරුදු 18ක් පමණ වන  චාරක තම නැගණියන් දෙදෙනාගේ සහ මිත්තනියගේ කුස පිරවීමට හා නැගණියන්ගේ අධ්‍යාපනයට අවශ්‍ය වියදම යන්තමින් හෝ සොයාගන්නේ නිවස ආසන්නයේ වූ කොහු කැපීමේ කුඩා කර්මාන්ත ශාලාවක රැකියාව කර දෛනිකව ලබාගන්නා සුළු වැටුපෙනි.

චාරකගේ මිත්තනිය (පියාගේ මව) වන මරියමද ලේනා මහත්මිය වේදනාබරව මෙලෙස පවසා සිටියාය.

''මේ දරුවා ගැන මට දුකයි. නංගිලා දෙන්නා වෙනුවෙන් දුක්විඳලා හම්බ කරන සියලුම සල්ලි වියදම් කරනවා. මොකද ඉස්කා්ලේ යන්න වියදම දරාගන්න අමාරුයි. මම කියලා මොනවා කරන්නද. මමත් ලෙඩා, බොහෝම අමාරුවෙන් තමයි දරුවන්ගේ වැඩ ටික කරලා දෙන්නෙ. මේ දරුවන්ට උදව් කරන්න කාටහරි පුළුවන්නම් පින්සිද්ද වෙනවා. මේ දරුවා තාත්තා කෙනෙකුට වැඩිය නංගිලාට ආදරයෙන් සියලු දේ කරනවා.''

මේ පිළිබඳ වැඩි විස්තර - 077 3 014 070 අමතා ලබා ගත හැක.

DSC05226 DSC05228 unnamed (2) unnamed (3) unnamed (4) unnamed (5) unnamed (6) unnamed (7) unnamed (8) unnamed (9) unnamed (10) unnamed (11) unnamed (12) unnamed

නැගණියන් දෙදෙනා සහ මිත්තනිය රැකගන්න කොහු කපන අයියා සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (3)
Posted by fb-icon Anura L S Pathirana on (2017-05-12 05:51:30)

අපි පුළුවන් විදියකින් මේ අයට උදව් කරමු. එක්සත් අරාබි එමීර් රජ්‍යයේ ලංකාරාමයේ දායක භවතුන් වෙත කරන ඉල්ලීමකි. 

Posted by Missaka on (2017-05-11 06:12:18)

Give a bank account here.

Posted by Harischandra on (2017-05-28 08:45:51)

Has this son got a Bank account to his name? 

Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :