ඖෂධීය ශාක 07ක්
( . . ) 2017-05-08 12:40:03
Comments - 0       Views - 2486

01) දෙහි

'Citrus aurantifolia. NC' යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන දෙහි, සෑම නිවසකම භාවිත කරන ඖෂධීය ශාකයකි. දෙහි ගසෙහි කොළ, පොතු සහ බීජ ඖෂධ සඳහා යොදාගනී. 

විශේෂයෙන් තරබාරු බවින් මිදීමටත්, හෘද රෝග වළක්වා ගැනීමටත්, ආහාර රුචිය වර්ධනය කර ගැනීමටත් දෙහි යුෂ පානය කළ හැකිය.

02) කරපිංචා

බොහෝ නිවෙස්වල ව්‍යංජන රසකාරකයක් ලෙස යොදාගැනුණද, මෙය ඖෂධීය ශාකයකි. 'Murraya koenigii' යන විද්‍යාත්මක නාමයෙන් කරපිංචා හැඳින්වේ.

මෙයට ආහාර දිරවීමේ ශක්තියක් ඇති බැවින් ආහාර අරුචිය, බඩ පිපුම යනාදියට ඉතා හොඳ ඖෂධයකි.

03) හාතවාරිය

'Asparagus ramous wild' යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන හාතවාරිය ඖෂධීය ශාකයකි. මෙහි මුල්, පත්‍ර හා අල ආදිය ඖෂධ සැකසීමට යොදාගනී.

වකුගඩු රෝග, ශරීරය සිසිල් කිරීම හා මුත්‍ර ආසාදනය වැනි රෝගවලට ප්‍රචලිත ඖෂධයකි.

04) ගොටුකොළ

'Centella asiatica (L) urban' යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන ගොටුකොළ, පණු රෝග හා සෙම් රෝග සඳහා මෙන්ම ධාරණ ශක්තිය ඇතිකිරීමටද යොදාගනී.

‍ෛ

05) පොල්පලා

ඖෂධීය ශාකයක් ලෙස සැලකෙන පොල්පලා නාමය 'Aerva lanata (L) juss ex, schult' යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වේ.

පැරණි පොත්පත්වල මෙය 'කුඩුපලා' ලෙසින්ද දක්වා තිබේ. මළබද්ධය, මාත්‍රා ආසාදනවලට යොදාගන්නා ඖෂධීය වටිනාකමින් යුත් ශාකයකි.

06) වැල්පෙනෙල‍

ශරීරයේ ශක්තිය වඩවන ඖෂධයක් ලෙස භාවිත කරන වැල්පෙනෙල, 'Cardiospermum microcarpum' යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වයි.

සර්ප විෂ නැසීමට, දියවැඩියාව, වකුගඩු රෝග හා උගුරේ ඇති වන ආසාදනයන් සඳහා ඖෂධයක් ලෙස යොදාගනී.

07) ඉඟුරු‍

'Ingiber officinale' යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන ඉඟුරු, බොහෝමයක් රෝගවලට ඖෂධයක් ලෙසත්, සෑම නිවසකම පාහේ අත්බෙහෙතක් ලෙසත් භාවිත කරයි.

කැස්ස, සෙම් රෝග, කුෂ්ට රෝග ආදිය සඳහා යොදාගනී.

ඉන්දික මධුසංක

ඖෂධීය ශාක 07ක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :