දුෂ්කරතා රැසක් මැද පවත්වන කරමැටිය ශ්‍රී රත්නපාල දහම්පාසල
( . . ) 2017-05-02 09:00:25
Comments - 1       Views - 1254

ඩෙස් බංකු නොමැතිකමින් හා පන්ති පවත්වා ගෙන යෑමට ඇති එකම ගොඩනැගිල්ල දිරාපත්ව කඩා වැටීමට ආසන්න වීම හේතුවෙන් කරමැටිය ශ්‍රී රතනපාල දහම් පාසලේ අධ්‍යාපනය ලබන දරු දැරියෝ 300කට ආසන්න පිරිසක් විවිධ දුෂ්කරතා රැසකට මුහුණදී සිටිති.

මේ පිළිබඳව ගුරුභවතුන් හා දරුදැරියන් කිහිපදෙනෙක් මෙලෙස අදහස් දැක්වූහ.

කරමැටිය ජයසුමනාරාමාධිපති කරමැටියේ නන්දසාර හිමියන්,  

''මේ දහම් පාසලේ අඩුපාඩු ගොඩයි. ඒත් දරුවො නොකඩවා දහම් පාසල් ගෙන්වාගන්න අපි මහන්සි වෙනවා. මොන දුෂ්කරතා තිබුණත් ගමේ වැඩිහිටි පිරිස ඇවිත් මේ දරුවන්ට උගන්වනවා. ඒ වගේම හරිම දක්ෂ ළමයි පිරිසක් තමයි මෙතැන ඉගෙන ගන්නෙ. ඒ වගේම සෑම වසරකම මේ ළමයි තරගවලට ගිහින් දිනනවා.

අපේ ගම හරි දුෂ්කරයි. හොද ආදායම් තියෙන අය මේ ගම්වල නැහැ. ඒනිසා ඒ අයටත් දරුවො වෙනුවෙන් යමක් කරන්න හැකියාවක් නැහැ. අඩුම ත‍රමේ අබලන් වෙලා තියෙන මේ ගොඩනැගිල්ල වෙනුවට තරමක් ඉඩ තියෙන ගොඩනැගිල්ලක් හදලා මේ දරුවන්ට ඩෙස් බංකු ටිකක් හදල දෙන්න කාටහරි පුළුවන් නම් ඒක මේ දහම් පාසලට කරන විශාල සේවාවක් බව කියන්න ඕන.''

ඩී.එම්. දිසානායක මහතා,

''කරමැටිය ශ්‍රී රතනපාල දහම් පාසල කියන්නෙ මේ පළාතේ තියෙන ප්‍රධාන දහම් පාසලක්. බලගොල්ල, කරමැටිය, 18 කණුව, වැව්පිටිය, කන්දකැපුල්පත, 21 කණුව වගේ ගම්මාන රැසක දරුවෝ 300ක් විතර මෙහි අධ්‍යාපනය ලබනවා. මේ දරුවන්ට මේ ප්‍රදේශය තුළ දහම් අධ්‍යාපනය ලැබීමට ඇති එකම දහම් පාසල මේ දහම් පාසල විතරයි. ඒ නිසා මේ දුෂ්කරතා විඳගෙන හරි මේ දරුවො මේ දහම් පාසලටම එන්න ඕන.''

ඩී.එම්. විශ්ව ලක්ෂිත,

''අපේ දහම් පාසලේ ළමයින්ට තියෙන ලොකුම ගැටලුව තමයි ගොඩනැගිල්ලක් නැතිකම. පන්සලේ බණ ශාලාවේ තමයි දැනට දහම් පාසල තියෙන්නෙ. ගොඩනැගිල්ලේ ඉඩ මදි නිසා එළියේ බෝමළුවේ, කොරිඩෝවේ වගේ තැන්වල තමයි පන්ති කරන්නෙ. පිංකමක් තිබුණොත් එදාට දහම් පාසල තියන්න විදිහක් නැහැ. කාලෙකට ඉස්සර හදපු බණ ශාලාව මේ වනවිට හොඳටම අබලන් වෙලා, බිත්ති පුපුරලා. වහලේ ලී දිරලා සමහර තැන්වල වහලේ පහත්වෙලා. වැස්සක් ආව ගමන් තෙමෙනව. හයියෙන් වැස්සොත් එදාට පන්ති තියන්න බැහැ.''

නවංජනා මධුවන්ති,

''වෙන දහම් පාසල්වල වගේ නෙමෙයි. අපේ ළමයි ගොඩකට වාඩිවෙන්න ඩෙස් පුටු නැහැ. ලොකු පන්ති තුන හතරක ළමයි ඇරුණම අනිත් හැමෝම බිම පැදුරු එළාගෙන තමයි පාඩම් කටයුතු කරන්නෙ. සමහර වෙලාවට ගුරුවරුන්ටත් මේසයක් පුටුවක් නැහැ.''

 

මේ පිළිබඳ වැඩි විස්තර 077 3 498 208 - (ඩී.එම්. දිසානායක) ඇමතීමෙන් ලබාගත හැකිය.

 

මීගහකිවුල - එන්. කේ. නිශ්ශංක

06  _____ ____ _____ 07 _____ ____ _____ 08   ____ ______ ___ ______ ___ _____ 09  _____ ____ _____ 10 ___ ______ _____ ___ _____ 11 ___ ______ _____ ___ _____ 12 ___ __ _________ ________ 13 ___ ________ _________ 14 ___ ______ _____ ___ _____ 15  ___ ______ _____ ___ _____ 16  ___ ______ _____ ___ _____ 17  ___ ______ _____ ___ _____

දුෂ්කරතා රැසක් මැද පවත්වන කරමැටිය ශ්‍රී රත්නපාල දහම්පාසල සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (1)
Posted by Aruna Shalitha Namal Dissanayake on (2017-05-02 02:25:25)

ඇත්තටම අඩුපාඩු නම් ගොඩයි තමයි. ඒත් අපිත් ඔහොම ඔතනට වෙලා ඉගෙන ගත්ත හැටි මතකයි. සුපිරි සැප පහසුකම් නැතත් ඒ අතීතය මතක් වෙනකොට තාම සුන්දරයි. ඔයාලා ඔක්කොටම තෙරුවන් සරණයි.

Posted by Aruna Shalitha Namal Dissanayake on (2017-05-02 02:25:25)

ඇත්තටම අඩුපාඩු නම් ගොඩයි තමයි. ඒත් අපිත් ඔහොම ඔතනට වෙලා ඉගෙන ගත්ත හැටි මතකයි. සුපිරි සැප පහසුකම් නැතත් ඒ අතීතය මතක් වෙනකොට තාම සුන්දරයි. ඔයාලා ඔක්කොටම තෙරුවන් සරණයි.

Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :