මානසික සුවතාව වැඩිදියුණු කරගත හැකි ක්‍රම 07ක්
( . . ) 2017-04-28 12:45:18
Comments - 0       Views - 4197

01. සම්මත දින චර්යාවෙන් මදක් මිදෙන්න.

එකම ආකාරයට දින චර්යාව ගතකිරීම හේතුවෙන් මොළය උත්තේජනය වීම සීමා වන අතර, යම් කාර්යයක් කිරීමේදී වෙනස් ක්‍රම භාවිත කළ හැකිය. ආහාර සකස් කිරීමේදී විවිධ ක්‍රම අත්හදා බැලීම, යම් ගමනාන්තයකට ගමන් කිරීමේදී වෙනත් මාර්ග භාවිත කිරීම ආදිය කළ හැකිය.

02. හොඳ නින්දක් ලබාගන්න.

හොඳ නින්දක් ලබාගැනීම තුළින් ඔබේ මාංශපේශි ලිහිල් වන අතර, එය මානසික සුවතාව ඇතිවීමටද හේතුවක් වනු ඇත.

03. දිනපතා ශාරීරික ක්‍රියාකාරකම්හි යෙදෙන්න.

ශාරීරික ක්‍රියාකාරකම්හි යෙදීමෙන් මොළයට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය වැඩිවන අතර, ස්නායු සහ අනෙකුත් සෛල ශක්තිමත් කරන ප්‍රෝටීන නිදහස් වීමද සිදුවේ. නර්තනයෙහි යෙදීමෙන් මේ සියල්ල සම්පූර්ණ වන අතර, ඉගෙනීමට සහ මතකයට අදාළ මොළයේ ක්‍රියාකාරීත්වයද වැඩිදියුණු වේ.

04. පෝෂදායී ආහාර වේලක් ලබාගන්න.

'ඔමේගා-3' මේද අම්ල මොළයේ නිසි ක්‍රියාකාරීත්වයට අත්‍යාවශ්‍ය වන පෝෂ්‍ය පදාර්ථයකි. එබැවින් එවැනි ෂෝෂණ සංඝටක අඩංගු සැමන්, කවරල වැනි ආහාර ඔබේ ආහාරවේලට එක්කර ගත හැකිය.

05. අද කළ යුතු දේ අදම කරන්න.

ඔබේ වැඩ අතපසු කිරීමද මානසික ආතතියට හේතුවක් ලෙස පෙන්වා දිය හැකිය. එදිනෙදා සිදුකළ හැකි කාර්යයන් එදිනෙදා සිදුකිරීම මත ඔබේ මනසට ලැබෙන අනවශ්‍ය පීඩනය නැතිකර ගත හැකිය.                                                                                                 s

06. උපකාර කරන්න.

හැකි සෑම අවස්ථාවක වෙනත් අයෙකු වෙනුවෙන් යම් උපකාරයක් කිරීමට ඔබේ කාලයෙන් බිඳක් වෙන්කළ හැකිය. එය මානසික සුවතාවට ඉවහල් වන බව පර්යේෂණවලින් තහවුරු කරගෙන තිබේ.

07. ජීවිතය සැහැල්ලුවෙන් අත්විඳින්න.

විනෝද චාරිකාවල නිරතවීම, ඡායාරූපකරණයෙහි යෙදීම හා කුඩා දරුවන් සමග කාලය ගතකිරීම වැනි ක්‍රියාකාරකම් තුළින් මානසික සුවතාව ඇතිකර ගතහැකිය.

g

ඉන්දික මධුසංක

මානසික සුවතාව වැඩිදියුණු කරගත හැකි ක්‍රම 07ක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :