මස් පිණිස ගවයන් 17ක් ප්‍රවාහනය කළ දෙදෙනෙකු අත්අඩංගුවට
( රාහුල් සමන්ත ) 2017-04-21 16:15:10
Comments - 0       Views - 420

මස් පිණිස කොළඹට ප්‍රවාහනය කරමින් සිටී මීගවයන් 17දෙනෙකු අද (21දා) බේරා ගැනීමට හැකිවූ බව අම්බලන්තොට පොලීසිය පැවසීය.

මේ පිළිබඳව ලැබුණ තොරතුරක් මත සිදුකල පරීක්ෂා කිරීමකදී අද උදෑසන 07.00පමණ රිදියගම මාර්ගයේදී මෙම ගවයන් පටවා ගත් ලොරි රථය හා සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව අම්බලන්තොට සඳහන් කර සිටියේය.

ඒ අනුව අත්අඩංගුවට පත් මෙම සැකකරුවන් දෙදෙනා කඳාන ප්‍රදේශයේ පදිංචි කරුවන් බවත් සැකකරුවන් හම්බන්තොට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලීසිය පැවසීය.

සිදුවීම සම්බන්ධයෙන් අම්බලන්තොට පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.

10 9 6 3 2 1

මස් පිණිස ගවයන් 17ක් ප්‍රවාහනය කළ දෙදෙනෙකු අත්අඩංගුවට සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :