කසළ ගැටලුවට විධිමත් ක්‍රමවේදයක් නැතිව මර්දනය යෙදවීම හෙළා දකිනවා
( අද කර්තෘ මණ්ඩලය ) 2017-04-21 15:44:53
Comments - 0       Views - 251

කසළ අක්‍රමවත්ව බැහැර කිරීම හා එයට විරෝධය දක්වන ජනතාව මර්දනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය දැඩිව හෙළාදකින බව ජනතා විමුක්ති පෙරමුණ අද (21දා) නිවේදනයක් නිකුත් කරමින් සඳහන්කර සිටියි.

පසුගියදා නායයෑමෙන් ජීවිත රැසක් අහිමි වූ මීතොටමුල්ලට කසළ ගෙනවිත් දැමීමට ජනතා විරෝධය මැද පාලකයන් කටයුතු කළ අතර, මේ හේතුවෙන් ඒ ප්‍රදේශයේ ජීවත්වූ පිරිසකට මේ වනවිට තම ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුවී ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණ පැවසීය.

පාලකයන් සිදුකළ යුත්තේ ජනතාව මර්දනය කරමින් කසළ දැමීම සඳහා වෙනත් ස්ථාන සෙවීම නොව ජනතාව දැනුවත් කරමින් ජනතාවද හවුල් කරගනිමින් කසළ බැහැර කිරීම හා ප්‍රතිචක්‍රීයකරණය කිරීම සඳහා නිවැරදි ක්‍රමවේදයක් සැකසීම බව එම පෙරමුණ පෙන්වා දෙයි.

එමෙන්ම කසළ දැමීමට විරෝධය පළකළ දොම්පේ ප්‍රදේශයේ ජනතාවට ඊයේ (20දා) එල්ල කළ අමානුෂික ප්‍රහාරය හෙළාදකින බව එම පෙරමුණ වැඩිදුරටත් සඳහන් කළේය.

කසළ ගැටලුවට විධිමත් ක්‍රමවේදයක් නැතිව මර්දනය යෙදවීම හෙළා දකිනවා සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :